මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය තිබුණත් පොලොන්නරුවෙන් වී ටොන් 30000ක් මිලට ගැනීමට සූදානම්

    අගෝස්තු 04, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වනවිට දැඩි නියඟයක් තිබුණ ද පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, මහවැලි ප්‍රදේශය හා ඇළහැර ගොවිජනපද ව්‍යාපාර අතුරින් පරාක්‍රම සමුද්‍රය කලාපයේ වී වගා කටයුතු 100%ක් ම සාර්ථකව සිදු කර ඇත. 


    පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය හැරුණු විට අන් සියල්ලට ම නියඟයෙන් බලපෑම් එල්ල විය. නමුත් මේ කලාපයේ හෙක්ටයාර් 25,000ක පමණ කුඹුරු තිබේ. ඒ සියලු කුඹුරු වගා කිරීමට පියවර ගෙන ඇත. එහෙත් ලංකාපුර හා මැදිරිගිරිය වගා කර ඇත්තේ 50%ක ප්‍රමාණයකි. ගිරිතලේ ව්‍යාපාරයේ ද 50%ක් පමණ වී වගා කර ඇත.

     

    ඒ අනුව මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි වී ඇලෙවි මණ්ඩලය පවසයි.

     

    මේ අනුව වී මෙට්රික් ටොන් 30,000ක් මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය අලෙවි කළමනාකාර ඒ.ජී.එන්. ඒකනායක මහතා පැවසීය. 


    නාඩු වී කිලෝවක් රුපියල් 32ට සහ සම්බා වර්ගයේ වී කිලෝවක් රුපියල් 35 බැගින් මිලදී ගැනීමට තම ප්‍රාදේශිය වී ගැනුම් මධ්‍යස්ථාන සූදානමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    පොලොන්නරුවේ අභයපුර, වීරපුර, ලංකාපුර, ජයන්තිපුර යන මධ්‍යස්ථාන මේ වන විට විවෘත කොට ඇති අතර අවශ්‍යතාව මත තවත් ප්‍රදේශ රැසක ඉදිරි කාලයේදී වී ගැනුම් මධ්‍යස්ථාන විවෘත කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/WK/BG_dmu polonnaruva

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya