මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ශිල්ප උදානය- 2014

    අගෝස්තු 04, 2014
    ඌව පළාත් හස්ත කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කළ "ඌව ශිල්ප උදානය- 2014" ඌව පළාත් හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මේ සඳහා ඌව පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් 600කට අධික පිරිසක් සහභාගි වූ ඌව පළාත් හස්ත කර්මාන්ත නිර්මාණ තරගයට ක්ෂේත‍්‍ර 44ක් යටතේ ඉදිරිපත් වූ විවිධ නිර්මාණ අතරින් ජයගත් ජයග‍්‍රාහී නිර්මාණ සිය ගණනක් ඇතුළත් විය. 
     
    මෙම සියලු ජයග‍්‍රාහී නිර්මාණ "ශිල්ප- 2014" ජාතික හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය සඳහා ඌව පළාත නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට ද නියමිතය.
     
    මෙම සමස්ත නිර්මාණ අතුරින් බිබිල, ඩී.එම්. ඩිංගිරිබණ්ඩා මහතා ඉදිරිපත් කළ වේවැල්වලින් නිර්මිත ‘නෙළුම් මල් රටා කුරුණිය’ ප‍්‍රථම ස්ථානය ද, බුත්තල, එස්.ඩබ්.ආර්.ඒ.එස්.ඒ. බණ්ඩාර මහතා ස්වභාවික මැණික් හා ඛනිජ ගල්වලින් නිර්මාණය කළ ‘ බෝසත් උපත ’ දෙවන ස්ථානය ද, බුත්තල එම්. වසන්ත ජයසේකර මහතා උණ පතුරුවලින් නිම වූ ‘ප‍්‍රථමාධාර පෙට්ටිය’ තෙවන ස්ථානය ද දිනාගනු ලැබීය.
     
    වේවැල්, ඛනිජ ගල්, උණ පතුරු මෙන්ම රෙදි, දැව, මැටි, පොල් කටු, පල්ප, දැව සුඹුළු, ශාක 
     
    කොටස්, නූල්, පන්, ලෝහ ඇතුළු විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන කරන ලද විසිතුරු, විශ්මිත මෙන්ම අතිශය දැකුම්කළු නිර්මාණවලින් මෙම ප‍්‍රදර්ශනය සමන්විත විය.
     
    මෙම ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ අජිත් දිසානායක, ඌව පළාත් ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ජී. අබේසිංහ බණ්ඩාර, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ.
     
    DB/BH - dmu badulla
     
    04
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya