මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලට ගෘහස්ථ ක‍්‍රීඩාගාරයක්

    අගෝස්තු 04, 2014
    බදුල්ල ප‍්‍රදේශයේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට විශාල අඩුපාඩුවක්ව පැවැති ගෘහස්ථ ක‍්‍රීඩාගාරයක් සඳහා මුල්ගල් තැබීම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය අසලදී සිදුකෙරිණි.
     
    රුපියල් දස ලක්ෂ සියයක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ බැඩ්මින්ටන්, කැරම්, දැල්පන්දු, අත්පන්දු, පැසිපන්දු, මේස පන්දු, බර ඉසිලීම වැනි ක‍්‍රීඩා රැසක් සඳහා පහසුකම් ඇති කිරීමට සැලසුම් කොට තිබේ.
     
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මේ සඳහා වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් 103,769,400.00කි.
     
    මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට බදුල්ල නගරාධිපති උපාලි නිශ්ශංක ගුණසේකර, හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී අජිත් ලියනගේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, විදුහල්පතිවරුන්, ක‍්‍රීඩා සංගම් නියෝජිතයන්, පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    03
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya