මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩරට දුම්රිය මාර්ගයේ අවදානම් ස්ථාන ආරක්ෂා කිරීමට පියවර

    අගෝස්තු 04, 2014

    උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ අනුව දිවයිනේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට අවසාන දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානය දක්වා කි.මී. 75ක් පමණ වන කොටසේ සිදු වන නායයාම්, ගල් කඩාවැටීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ නියඟ සමයේ සිදුවන කැලෑ ගිනි තැබීම්, සැඩ සුළිං සහිත කාලගුණ තත්ත්වයන් යටතේ  සිදුවන ගස් කඩා වැටීම් වැනි ආපදා තත්ත්වයන් නිසා දුම්රිය ගමනාගමනයට බාධා ඇති වේ.

     
    පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී එවැනි ස්ථාන 72ක් හඳුනා ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නාය යන ස්ථාන සංරක්ෂණය කිරීමටත්, කඩා වැටීමේ අවදානම් පවතින ගස් වහාම ඉවත් කිරීමටත්, කැලෑ ගිනි තබන්නන් පිළිබඳව සෝදිසියෙන් සිට ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත්, කඩා වැටීමට ආසන්න ගල් හා පස් කණ්ඩි වහා ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya