මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අඩුආදායම්ලාභී පවුල් 500කට නිවාස ආධාර

    අගෝස්තු 04, 2014
    කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා රුපියල් මිලියන 102ක් වටිනා "ජන සෙවණ විසිරි නිවාස" ණය හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරු 2.00ට මාළඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරි  දැක්ම" යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන "ජන සෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම නිවාස ණය හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරේ. 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලබයි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්,  ඉදිරිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya