මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අනාගතය වෙනස් කළේ 2005 මැතිවරණයයි

    අගෝස්තු 04, 2014
    මේ රට වෙනස් කළේ, මේ රටේ අනාගතය වෙනස් කළේ 2005 නොවැම්බර් පැවති මැතිවරණය බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (03) අනුරාධපුරයේ දී ප‍්‍රකාශ කළේය.
     
    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" යන තේමාව යටතේ බටහිර අනුරාධපුරය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනයේ මුලසුනේ කථාව කරමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. "යුධ ජයග‍්‍රහණය ආපසු හරවන්න, ජාත්‍යන්තරයේ තිබෙන වටලෑම, තෙරපීම, පීඩනය, ඒකනායක ඇමතිතුමා හොඳින් වටහාගෙන තිබෙනවා. ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් කිහිපයක් කියනවා, අපේ රටේ නිදහස නැතිලු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිලු. අපිට ඉදිරිපත් කරන චෝදනා මේවායි. මේ හේතු පෙන්නලා කාවද ගේන්න හදන්නේ. කාටද ඔටුන්න තියන්න හදන්නේ. අපි මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගත යුතුයි". 
     
    අපි උසස් පෙළ කරද්දී, 1983 ජූලි මාසයේ මහා ඛේදවාචකයක් දැක්කා. එය මහා මිනිස් සංහාරයක්. මහා මංකොල්ලයක්. අහිසංක දමිළ මිනිස්සු සිය ගණනක් මරලා පුළුස්සා දැම්මා. ජාත්‍යන්තරය ඉදිරියේ අද අපි මුහුණ දෙන ප‍්‍රශ්නයේ මුලාරම්භය එයයි. එදා දියත් කළ රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදයට පිළිතුරු ලැබුණේ, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයකින්. එදා මේ ගින්න අවුලපු අය හිතුවේ නැහැ, මේ ගින්නට රටේ ඉදිරි නායකයින් බිලිවේවි කියලා. 
     
    අපි මහා ජාතික අධිෂ්ඨානයක් ඇති කරගත යුතු බවත් නිල් පවුරක් සේ ඉඳ රටේ රාජ්‍ය නායකත්වය ආරක්ෂා කරනවා කියන අධිෂ්ඨානය ඇති කරගත යුතු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මීට පෙර අවස්ථාවන්වලදී යුද්ධයේ යම් යම් ජයග‍්‍රහණ ආසන්න වෙද්දී විදේශ මැදිහත් වීම් නිසා ඒ ජයග‍්‍රහණ ලබා ගැනීමට නොහැකි වු බව මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා පැවසීය. 
     
    නමුත් වත්මන් ජනාධිපතිතුමාට ඒ විදේශ මැදිහත් වීම් පරාජය කර ජයග‍්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. අද බටහිර රටවල්වල විශ්වවිද්‍යාල පවා පරීක්ෂණ කරනවා අපේ රටේ යුධ ජයග‍්‍රහණය පිළිබඳව. අපිට වඩා 25 ගුණයකට වඩා විශාල හමුදා තිබෙන රටවල්වල යුද්ධ තවමත් පැවතීම ගැන ඔවුන් සොයා බලනවා.
     
    නමුත් යුද්ධය අවසන් වූ පමණින් රටේ සියල්ල හරි යැයි අපි හිතන්න හොඳ නැහැ. විදේශ රටවල්වලදී ත‍්‍රස්තවාදී වුවමනාවන් තවමත් ක‍්‍රියාත්මක වෙනවා. අපේ රටේ ජනතාව අකමැති දේ කරවන්න ඩොලර් මිලියන ගණන් පොම්ප කරන්නේ ඒ නිසයි. 
     
    අපේ රටේ ඉතිහාසයේ සිටම පොඩි මිනිහා ආරක්ෂා කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබෙන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය, බටහිර අනුරාධපුර ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, ඩබ්ලිව්.බී. ඒකනායක, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, එස්.එම්. චන්ද්‍රසේන, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
     
    DB
     
    IMG 0049

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya