මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඔබ සමඟ ඔබ වෙනුවෙන්" වයඹ ජනදිරිය වැඩසටහන ආරම්භ වෙයි

    අගෝස්තු 04, 2014

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි වයඹ පළාතේ සියලු ම යටිතල පහසුකම් මේ වන විට සංවර්ධනය කර පවතින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වයඹ "ජනදිරිය" ව්‍යාපෘති කාර්යාල 40ක් විවෘත කිරීමේ නිල උත්සවය පැවති වාරියපොළ සමූපකාර පරිශ්‍රයේ පැවති ජන හමුවකදීය.

    අමාත්‍යවරයා එහිදී‍; "අපි පළාත් සභාවක් විදියට මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ජනතාවගේ ජන ජීවිතය නගාසිටුවීමට අවශ්‍ය සියලු ම කාර්යයන් ඉටු කිරීමට කැප වෙලා වැඩ කරනවා. මධ්‍යම ආණ්ඩුවට අතපසු වෙන වැඩ කොටස් පළාත් සභාවක් විදියට අපි හොයලා බලලා කරනවා.


    මම බලයට ආවට පස්සේ පළමුව කළේ වයඹ පළාතේ තිබෙන අඩුපාඩු හොයා බලලා මධ්‍යම ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය උපදෙස්, සැලසුම් හා මුදල් අනුමත කර ගනු ලැබූවා. පාසල්වල ඇති වැසිකිලි, කැසිකිලි, ගොඩනැගිලි, ජල ප්‍රශ්න, මඩ ගොහොරු වෙලා තිබුණු සතිපොළවල්, වකුගඩු රෝගීන් සඳහා පිරිසිදු ජලය ලබා දෙන ක්‍රමවේදයක්, ගම්මානවලට වන අලි ඇතුලුවෙලා කරන හානි, රැකියා ප්‍රශ්න, කර්මාන්ත, පරිසර ගැටලු වැනි බොහෝ දේ සඳහා අපි විසඳුම් හොයා ගත්තා. ඒ සඳහා අවශ්‍ය විශාල මුදල් ප්‍රමාණයත් වෙන් කර ගත්තා.
     

    අපි දැන් වැඩ පටන් අරන් තියෙන්නේ. මේ වසර අවසාන වෙද්දි වයඹ පළාතේ සියලු ම පාසල්වල භොතික සම්පත් අපි සම්පූර්ණ කරනවා. තාක්ෂණාගාර, විද්‍යාගාර, ගොඩනැගිලි, කාර්යාල, වැසිකිලි, කැසිකිලි, ජලය, ගුරු විවේකාගාර ඇතුලු සියලු ම සම්පත් සමඟ ගුරුවරු සඳහා ඇති  ගැටලුත් සියල්ල විසඳනවා. වකුගඩු රෝගීන් සිටින පළාත් තොරාගෙන ඒ සඳහා සම්පූර්ණ ජල පෙරණ යන්ත්‍ර සවි කිරීම කරගෙන යනවා. එයින් ගම්මාන 60, - 70කට ජලය ලබා දෙනවා. අලි වැට ආරම්භ කරලා තියෙන්නේ. දැන් බොහෝ දුරට වැඩ අවසන් වීගෙන එන්නේ. මඩ ගොහොරු බවට පත්වී ඇති සතිපොළවල් සඳහා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ගිය සතියේ ආරම්භ කළා. එයින් පළමු අදියරේදී සතිපොළවල් 40ක් සංවර්ධනය වෙනවා. රැකියා ප්‍රශ්න සඳහා අපි විශාල වශයෙන් ව්‍යාපෘති ගණනාවක් වයඹ ප්‍රදේශයේ ඇති කරන්න සාකච්ඡා කරලා තියෙන්නේ.


    වාරියපොළ අක්කර 50ක භූමි ප්‍රදේශයක ලංකාවට අවශ්‍ය පෙනඩෝල් පෙත්තේ සිට සියලු ම ඖෂධ හා උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු සකස් කරලා තියෙන්නේ. හොල්සිම් ආයතනය හා නයිටා ආයතනය සමඟ එක්ව අපේ ගම්වල සිටින මේසන් බාස්ලා ඒ කියන්නේ පෙදරේරුවන් "ඉදිකිරීම් ශිල්පීන්" ලෙස NVQ තත්ත්වය දක්වා දැනුම සමඟ උසස් කිරීමටත්, හොද ආදායම් සහිත රැකියා අවස්ථා සඳහා යොමු කිරීමත් ආරම්භ කරලා තියෙන්නේ. අපි වයඹ පළාතේ ජනතාව විධිමත්ව දැනුමින් පරිපුර්ණ හොද මානව සම්පත් බවට පත් කරනවා. එයින් ඔවු‍න්ගේ  දක්ෂතා හා ආදායම් මට්ටම බොහෝ ඉහළ යනවා. ගම්වල රූපලාවන්‍ය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන කාන්තාවන් හට නොමිලේ පවත්වන වැඩමුළු හරහා ශිෂ්‍යත්ව ලබාදී ප්‍රවීණ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් උපදේශනයෙන් තමන්ගේ හැකියාවන් වර්ධනය කර ස්වයං රැකියාවක් ලෙස රූපලාවන්‍යාගාර පවත්වාගෙන යාමට උපදෙස් හා මුල්‍ය පහසුකම් ලබා දීම ආසන මට්ටමින් සිදු කරගෙන යනවා. ගම්වල කාන්තාවන් හට කණ්ඩායම් වශයෙන් එකතු වී නිෂ්පාදනය කළ  හැකි බතික් කලාව, පොල්කටු නිපැයුම්, විසිතුරු භාණ්ඩ වැනි විවිධ වානිජමය වටිනාකමක් ඇති දේ නිෂ්පාදනය පිළිබඳ පුහුණුවක් ලබා දී එමගින් ග්‍රාමීය කාන්තාව නගා සිටුවීමේ වැඩසටහනක් වයඹ ජනකලා කේන්ද්‍රය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දුවා දරුවන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණ, ශිෂ්‍යත්ව ක්‍රම, වෘත්තීය පුහුණුව කළමනාකරන හා නායකත්ව වැඩමුළු ඇතුලත් වෙනවා. ගමේ භෞතික සම්පත් සංවර්ධනය කර අවසන් වෙන මේ කාල වකවානුවේ මෙවැනි විශාල ව්‍යාපෘති ගණනාවක් අපි ගමේ ජනතාව වෙත ලබා දී ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමේ ක්‍රියාදාමයක නියැළී සිටින මොහොතක් මේක.


    අපි වසරකට ඩොලර් මිලියන 400ක් වියදම් කරනවා පිටරටින් කිරිපිටි ගේන්න. අපි වියළි මිරිස් තාම පිටරටින‍් ගේනවා. අල, ලූනු ටික පවා ගේනවා. ඇයි මේ. අපේ රටේ වවන්න, නිෂ්පාදනය කරන්න පුළුවන් කම තියෙද්දිත් පිටරටින් ගේන්නේ. මම පසුගිය සතියේ ලෙබනන් ගියා. ගිහින් හොයලා බැලුවා. ලංකාවෙන් මොනවද යවන්න පුළුවන් කියලා. ඒ අය ලංකාවේ කර්තකොළොම්ඹු අඹවලට ගොඩාක් ආසයි, ලංකාවේ අන්නාසිවලට ගොඩාක් කැමතියි. අපි ඇයි ඒවා නිෂ්පාදනය කරලා ඔවුන් වෙත ලබා නොදෙන්නේ. අපේ තියෙනවා පළාත් සභාවේ කර්මාන්ත සේවා කාර්යාංශය, ජනකලා කේන්ද්‍රය, වයඹ සංවර්ධන අධිකාරිය, මානව සම්පත් අධිකාරිය. අපි මේ ආයතන හා සේවාවන් යොදාගෙන ජනතාවගේ සියලු ම ගැටලු සඳහා පිළිතුරු සොයන වැඩපිළිවෙළකට අවතීර්ණ වෙන්න අවශ්‍යයි.

    අපි අලුත් වැඩසටහනක් හැදුවා. වයඹ "ජනදිරිය". මේක ඔබට වඩාත් සමීප ඔබේ ගමේ සමූපකාරය සමඟ එක්ව ඔබ සැමට සේවාවන් ලබා දෙන්න මම තීරණය කළා. පළමු අදියරේදී මම ඔබේ ගමේ සමූපකාරය තුළ ජනදිරිය ව්‍යාපෘති කාර්යාල 40ක් විවෘත කලා. ඒ හරහා දැන් ඔබට වඩාත් පහසුවෙන් ඒ නිලධාරීන් සමඟ එකතුවෙලා වැඩ කරන්න පුළුවන්. ජනදිරිය නිලධාරීන් ඔබේ ගමට, ඔබේ වැඩභූමියට, ඔබේ ළඟට ම එනවා. "ඔබ සමඟ ඔබ වෙනුවෙන්" අපේ තේමා පාඨය. "සතුට පිරි සමාජයක්" අපේ දර්ශනයයි. වයඹ පළාතේ 80% වඩා වැඩි ප්‍රතිශතයක් ගම්වල ජීවත් වෙන ජනතාව. මේ ජනතාව ගොඩාක් කරන්නේ කෘෂි කර්මාන්තය, සුළු ව්‍යාපාර, ධීවර කර්මාන්තය, ග්‍රාමීය කර්මාන්ත ආදිය. ඒ ඔවුන්ගේ ආදායම් මාර්ගය. ඒ ශක්තිමත් මිනිසුන් සඳහා මා හට කළහැකි දේ කල්පනා කරන අතර, තමයි මට ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවන එම පවුල්වලට ඍජුවම ආදායම් හිමිවෙන වැඩසටහන ලෙස "ජන දිරිය" සකස් කළේ. ඒ සඳහා කාර්යක්ෂම හා ජනතාවට සමීපත ම සමූපකාරය තුළින් ඔවුන්ව සවිබල ගැන්වීමට මා අදහස් කළා.


    අපේ නිලධාරීන් ඔබ සමඟ එක්වී වැඩ කරනවා. මේ ව්‍යාපෘතියේ මුල් අදියර සඳහා ලක්ෂ 3200ක් වෙන් කරලා තියෙනවා. සෑම ගමකම කාන්තාවන් එක්ව විවිධ වැඩසටහන් මගින් තමන්ගේ දක්ෂතා මත මෙම "ජනදිරිය" ආලෝකමත් කරයි. සාර්ථක කරයි. කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වසරේ ජනදිරිය ඉලක්ක සපුරාලයි කියලා මම විශ්වාසෙන් ඉන්නේ. අපි ‍ගමේ සංවර්ධනය වගේ ම ජනතාවේ ආර්ථික සංවර්ධනයට වැඩ පටන් ගත්තා. අද මම ඒක බය නැතිව කියනවා. රජයක් හැටියට අපි ස්ථාවරයි. අපිට විදේශ ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. දැන් ඔබ තමුන්නාන්සේලාට බය නැතිව තමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ රටේ සංවර්ධනය විදගෙන ආර්ථිකය ශක්තිමත් කර ගන්න කාලය ඇවිල්ලා. උනන්දු වෙලා කැපවෙලා මහන්සියෙන් වැඩ කරන්න. අත දෙන්න අපි ඉන්නවා. අනාගතයේ ලොකු හොද ව්‍යවසායකයෙකු ලෙස නැගී සිටින්න ලබා දෙන මූලික ශක්තිය මේකයි.
     

    ගම ඇතුළට යනකල් පාර හැදිලා. ගමින් ගමට විදුලිය දීලා. දැන් ගමේ අය ඉල්ලන්නේ ත්‍රී පේස් විදුලිය. ඇයි? ගම ඇතුළේ එක එක ව්‍යාපෘති, ග්‍රාමීය කර්මාන්ත, ස්වයං කර්මාන්ත නිර්මාණය වෙලා. අද රට තුළ පවතින ගම් සියල්ල ම ව්‍යාපෘති තුළින් දියුණු මට්ටමට පැමිණෙමින් පවතිනවා. කර්මාන්ත බිහිවෙලා. අපේ ශක්තිය දැන් ජනතාවට උපරිමෙන් අවශ්‍ය කාලයක් මේක. අපි ඒකට කැප වෙලා ඉන්නවා. ලබන වසරේ මීට වඩා ලොකු ශක්තියක් මම දෙනවා.


    වයඹ දුප්පත්ක‍මේ ප්‍රතිශතය 15% යි. අපි එකතුවෙලා මේක වයඹින් තුරන් කරන්න ඕනෑ. ඒ සඳහා තමයි මම මේ වැඩසටහන් හරහා ඔබ තමුන්නාස්සේලා ශකිතිමත් කරන්නේ. අපි එකතුවෙලා වයඹින් දුප්ත්කම තුරන්කරලා දාමු. මම හැමදාම ඔබ තමුන්නාස්සේලා සමඟ ඉඳගෙන ඒ සඳහා ශක්තිය හා නායකත්වය ලබා දෙනවා.

    මෙහිදී ජනතා අදහස් හා යෝජනා ව්‍යාපෘතියේ නවතම විස්තර, වැඩසටහන් යාවත්කාලීන කිරීම සඳහා වෙන්වූ වයඹ ජනදිරිය නිල වෙබ් පිටුව ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී. www.janadiriya.blogspot.com වේ.
    මෙම අවස්ථාවට පාරිභෝගික කටයුතු ‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, සමූපකාර කොමසාරිස්, ග්‍රාමීය බැංකු සංගම් සභාපති, සමූපකාර සභාපතිවරු, නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya