මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුල් මාස 04 ඇතුළත ශ්‍රී ලංකා වරාය අධිකාරියට බිලියන 3.7ක බදු පෙර ලාභයක්

    අගෝස්තු 03, 2014

    2014 මුල් මාස 04 ඇතුළත රුපියල් බිලියන 3.7ක බදු පෙර ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකි වී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    2014 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය හෙක්ටයාර් 233ක ඉඩම් ගොඩකිරීමක් තුළින් කොළඹ වරාය සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි. මේ වරාය නගරය තුළ සුපිරි හෝටල්, මහල් නිවාස සංකීර්ණ, සුපිරි සාප්පු සංකීර්ණ, නවීන කාර්යාල පහසුකම්, ක්‍රීඩා හා විනෝද කටයුතු සඳහා ඉඩ පහසුකම් සැපයේ.


    වරාය අධිකාරිය, කොළඹ වරාය තුළ ඇති අනෙකුත් පර්යන්තවල හා කලාපයේ අනෙකුත් වරායන් අතර තරගකාරීත්වය පවත්වා ගැනීම සහ නව තීරු බදු හඳුන්වාදීමට ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ වාහන ප්‍රතිඅපනයනය වැඩිදියුණු කිරීම හා නැව් තෙල් නිකුතුව දිරිගැන්වීම සඳහා නව තීරු බදු ක්‍රම ද හඳුන්වා දෙනු ලැබේ. 2014 ජූනි මාසයේ දී වරායේ තෙල් වෙළෙදාම ද ආරම්භ කර ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya