මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ව්‍යාපෘති 398ක්

    අගෝස්තු 01, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා මුදල් වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 398ක් මේ වන විට ක්‍රියාවට නංවා ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


    මේ යටතේ පානීය ළිං ඉදිකිරීම, වැව් අමුණුවල රොන්මඩ ඉවත් කිරීම, කෘෂිකාර්මික ඇළ මාර්ග හා මාර්ග පිළිසකර කිරීම ඇතුළත් වන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

     

    නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ගොඩ ඉඩම් අක්කර 10,621ක් හා මඩ ඉඩම් අක්කර 89,424ක් වගා කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. මෙයට අමතරව පානීය ජලය සැපයිය යුතු ජනතාව සඳහා පානීය ජලය සැපයීමට රුපියල් ලක්ෂ 45ක ප්‍රතිපාදන යටතේ කඩිනම් වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇත. විවිධ ස්වේච්ඡා සංවිධාන හා මහජන සංවිධාන ද ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙන බව ද ඒ  මහතා පැවසීය.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya