මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව නියඟයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 45,274ක්

    අගෝස්තු 01, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින නියං තත්ත්වය නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 45,274 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.


    ග්‍රාම සේවා වසම් 135ක ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත. මෙසේ පීඩාවට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 147,439ක් බව ද ඒ මහතා සඳහන් කළේය. පීඩාවට පත්ව ඇති පිරිස අතුරින් පවුල් 19,898කට අයත් පුද්ගලයන් 75,611 දෙනෙකු සඳහා පානීය ජලය සැපයිය යුතු මට්ටමේ පවතින බවත් ඔවුන් සඳහා පානීය ජලය සැපයීම මේ වන විට ආපදා සහන සේවා මධ්‍යස්ථාන හා අදාළ ප්‍රාදේශීය ලේකම් මඟින් සිදුකරමින් පවතින බව ද ඔහු පැවසීය.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි සෑම ගමකම තෝරා ගත් ස්ථානවල පානීය ජල ටැංකි ස්ථාපිත කිරීම සහ එම ජල ටැංකි සඳහා නොකඩවා ජලය සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස සහ බවුසර් මඟින් ජලය බෙදාහැරීමේ ජංගම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ලේකම්වරයා උපදෙස් ලබා දී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya