මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

    අගෝස්තු 01, 2014
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලබන 06 සිට 10 දින දක්වා කොළඹ කොටුවේ සිට මහනුවර අතර විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරවීමට නියමිතය.


    මීට අමතරව තවත් විශේෂ දුම්රියක් ලබන 11දා කොළඹ හා මහනුවර  අතර ධාවනය කරනු ඇත. එසේම 06 වෙනිදා සිට 10 දින දක්වා නාවලපිටිය සිට මහනුවර දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

     

    06 දා කොළඹ කොටුවෙන් පෙරවරු 9.50ට පිටත්වන දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ද මහනුවරින් රාත්‍රී 10.10ට පිටත්වන දුම්රිය අලුයම 1.37ට කොළඹ කොටුවට ද පැමිණේ.

     

    11 දින පමණක් ධාවනය කෙරෙන විශේෂ දුම්රිය කොළඹ කොටුවෙන් උදේ 7.10ට පිටත්ව මහනුවරට ළඟා වෙන්නේ උදේ 10.24ට යි.  මහනුවරින් පස්වරු 6.30ට පිටත්වන එම දුම්රිය රාත්‍රී 9.55ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya