මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ක්ෂේත්‍ර නිලධාරින් වෙත යතුරු පැදි ප්‍රදානයේ දෙවන අදියර අද

    අගෝස්තු 02, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම ය‍ටතේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත සහන මිලට යතුරු පැදි ප්‍රදානය කිරීමේ අනුරාධපුර දිස්ත්‍රික් දෙවන අදියර අද (02) ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව බෙදා දීමට නියමිත යතුරු පැදි සංඛ්‍යාව 500ක්. මෙහිදී  සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් වෙත මෙම යතුරු පැදි ප්‍රදානය කෙරේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (25) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සමගාමීව යතුරු පැදි බෙදා දීමේ  අනුරාධපුර දිස්ත්‍රික් පළමු අදියර ක්‍රියාත්මක විය. එහිදී දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරින් 2000කට යතුරු පැදි ප්‍රදානය කෙරිණි.

     

    මෙහිදී යතුරු පැදි ලාභියා‍ යතුරු පැදියක් සඳහා ගෙවිය යුත්තේ රුපියල් 50000ක මුදලක් වන අතර, කාන්තා යතුරු පැදියක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 45000කි. මේ ආකාරයෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් වෙත යතුරු පැදි ලක්ෂයක් බෙදා දීම රජයේ අපේක්ෂාවයි.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya