මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 පළමු කාර්තුවේ ගුවන් තොටුපොළ මගී හුවමාරුවේ වර්ධනයක්

    අගෝස්තු 02, 2014

    ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මේ වසරේ මුල් මාස හතර ඇතුළත හුවමාරු කළ මගීන් සංඛ්‍යාව වන 414.307 ඇතුළත්ව 2,595,842ක මුලු මගී සංචලන ප්‍රමාණයක් වාර්තා කළ  අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 07ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.


    මෙට්රික් ටොන් 47,994ක ගුවන් බඩු හුවමාරු ද මේ යටතේ සිදු කර ඇත. මත්තල ගුවන් තොටුපළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා දෙවන අදියර ලෙස ඇ.ඩො. මිලියන 120ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, ජපානයෙන් ලබාගනු ලබන ඇ.ඩො.මිලියන 346ක ණය මුදලකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන අදියර දෙවන කොටස ආරම්භ කිරීමට නියමිතය. එමගින් මගීන් හැසිරවීමේ ධාරිතාව මිලියන 6සිට 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. ඇ.ඩො. මිලියන 105ක දේශීය අරමුදල් යොදාගෙන දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළහි ධාවන පථය නැවත සැකසීමටද නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya