මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද හෙට පැය 36ක් ජලය කැපේ

    අගෝස්තු 02, 2014

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (02) උදෑසන නවයේ සිට හෙට (03) රාති‍්‍ර නවය දක්වා පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

     

    කෝට්ටේ මහනගර සභා බල ප‍්‍රදේශය, බත්තරමුල්ල, මාලඹේ, තලංගම, කොස්වත්ත, කළපළුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම සහ ඒ අවට ප‍්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.

     
    ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කැස්බෑව නගර සභා ප‍්‍රදේශය, කොළඹ 05 හයිලෙවල් පාර, රේල්වේ ඇවනිව් මංසන්ධියේ සිට කිරුළපන මංසන්ධිය දක්වා ප‍්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග මෙන් ම කිරුළපන සිට බොරලැස්ගමුව දක්වා මාර්ග, කිරුළ පාර, කොටා පාර සහ කාසල් වීදිය යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya