මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් සඳහා නොමිලේ ඉංග‍්‍රීසි පාඨමාලාවක්

    අගෝස්තු 02, 2014
    රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් සඳහා නොමිලේ ඉංග‍්‍රීසි පාඨමාලාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

    විභාග හා සුදුසුකම් සපුරා තිබුණද නූතන රැකියා වෙළඳපොළට අවශ්‍ය ඉංග‍්‍රීසි දැනුම නොමැති කමින් පවතින රැකියා පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් යොමු කිරීම අපහසු වී ඇති බවත්, මේ හේතුවෙන් පුරප්පාඩු සහිත ආයතන සේම රැකියා සොයන පිරිසද ප‍්‍රායෝගික ගැටලුවකට මුහුණ පා ඇති බැවින් එයට පිළියමක් ලෙස මෙම ඉංග‍්‍රීසි පාඨමාලාව නොමිලේ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා ප‍්‍රකාශ කර සිටියේය.

    ඉංග‍්‍ර‍්‍රීසි භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ හා කථනය මූලික කරගත් පාඨමාලාවක් ලෙස බදාදා දිනයන්හි ප.ව 4.30 සිට ප.ව 6.30 දක්වා නුගේගොඩ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම් රැකියා බැංකු පරිශ‍්‍රයේදී මෙම පාඨමාලාව පැවැත්වේ.

    රැකියා අපේක්‍ෂක ඉංග‍්‍රීසි පාඨමාලාවේ නියමු ව්‍යාපෘතිය සඳහා කොළඹ දිස්ත‍්‍රික් තරුණ තරුණියන් සඳහා අයදුම් කළ හැකි අතර අයදුම්පත් ‘රැකියා සඳහා ඉංග‍්‍රීසි – රැකියා බැංකුව’, මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම, අංක 32/7, රේමන්ඩ් පාර නුගේගොඩ, යන ලිපිනයට මේ මස 25 වන දිනට ප‍්‍රථම යොමු කළ යුතු වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya