මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ රැකියා වියුක්ත තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථා

    අගෝස්තු 02, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ත තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථා ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් ඊයේ (01) කොටගල කෝවිල් ශාලාවේ දී පැවැත්විණ.

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ මග පෙන්වීම හා ප්‍රධානත්වයෙන් ඊයේ මෙය පැවැත්විණි.

    කඳුකරයේ වෙසෙන රැකියා වියුක්ත සියලු ම තරුණ තරුණියන් හට රජයේ මෙන්ම පෞද්ගලික අංශයන් හි රැකියා අවස්ථා සොයා  දී‍ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙහි අරමුණ වේ.

    අපොස සාමාන්‍ය පෙළ  දක්වා උගත් සියලු දෙනා හට රජයේ හෝ පෞද්ගලික අංශයන්හි, එනම් කීල්ස් හා කාර්ගිල්ස් වැනි පෞද්ගලික අංශයෙන් ඉදිරියට පැමිණ තිබෙන ආයතනයන් හට යොමු කිරීමත්, උසස් පෙළ සමත් අය හට රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කෙරෙහි යොමු කිරීමත්, පිළිබඳ මෙහි දී සාකච්ඡා විය.

    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්. රාම්, මධ්‍යම පළාත් හිටපු  අධ්‍යාපන ඇමතිනි අනුෂා සිවරාජා මහත්මිය හා ලංකා කම්කරු කොංග්‍රස් උසස් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

    ECB

    thondaman2

    thondaman3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya