මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශවලට ස්ථීර තැන්පතු දාන්න අය-වැයෙන් මුදල් වෙන් කරන්නේ නෑ

    අගෝස්තු 02, 2014

    අය-වැයෙන් සංවර්ධනයට මුදල් වෙන් කරන අතර, ඒ ලැබෙන මුදල් රාජ්‍ය ආයතනවලට, අමාත්‍යංශවලට ලබාදෙන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, නිලධාරීන් කරන්නේ ඒ මුදල් ස්ථීර තැන්පතු දාලා පොලිය ලබාගන්නවා. ඒක ජනතාවට කරන ජාතික අපරාධයක්. ඒ මුදල් ප්‍රතිඵල දායක විදියට යොදවන්න. එහෙම නැත්නම් අය වැයෙන් මුදල් වෙන් කරන්නේ නෑ.
    අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (01) ලංකාවේ ප්‍රථම වරට අය-වැය යෝජනා පිළිබඳව පළාත් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වයඹ පළාත් සභාවේ පැවති  පූර්ව  අය-වැය යෝජනා සම්බන්ධ සාකච්ඡාවේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අද විශේෂ දවසක්. පළාත් සභා ඉතිහාසයේ ඓතිහාසික දවසක්. වසර 25කට පස්සේ  2015ට එන අය-වැය ලේඛනයට පළාත් සභාව විදියට අපේ අදහස් එකතු කරගෙන  ජනාධිපතිතුමා අරගෙන යන වැඩසටහන කරන්නේ. එය වයඹ පළාත් සභාවෙන් තමයි පළවෙනි වතාවට වෙන්නේ. මේ රටේ ආර්ථිකය ගැන අද විවිධ අය විවිධ කෝනවලින් බලනවා. ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව ආර්ථිකය අරන් යන ගමන් මාර්ගය ගැන බලනවා. සමහර අය ඒක විවේචනය කරනවා. එකේ හරය දන්නේ පී. බී. ජයසුන්දර මහතා පමණයි.

    මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ දේශීය ආර්ථිකය, අපනයන වැඩිකිරීම, ග්‍රාමීය නිෂ්පාදන වැඩි කර ගැනීමේ ආර්ථික මට්ටම සංවර්ධනය කිරීම. ජනාධිපතිතුමාගේ ආර්ථිකය හැසිරවීමේ න්‍යාය පී. බී. ජයසුන්දර මහතා දැනගෙන ඉන්නවා. අද ඉතා ම ක්‍රමානුකූලව ආර්ථිකය ඉතාම ඉහළ තැනකට ඇවිත් තියනවා. ජනාධිපතිතුමා අරගෙන යන ක්‍රියාවලිය ගැන අපට විශාල ගෞරවයක් තියනවා. අපට ඉතිහාසයේ මුදල් නෑ කියලා ප්‍රශ්න තිබුණා. ඉස්සර අපි බැංකුවල ස්ථීර තැන්පතු දාලා හම්බකරා. මම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සහ කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදියට හිටියා. සල්ලි තියනවා. එව්වා හරියට පාවිච්චි කරන්න බැරිකම තියෙන්නේ. අවුරුද්ද පුරාම සල්ලි ඉල්ලුවා ම එව්වා ස්ථීර තැන්පතුවල දානවා. බැංකු ටික හම්බ කරනවා, අපි ණය කාරයෝ වෙනවා. මම පළාත් සභාවේ නිලධාරීන්ටත් කියන්නේ සල්ලි ගන්නවා නම් අරගෙන හරියට වියදම් කරලා වැඩේ කරන්න කියලා.

    සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකට ම රුපියල් මිලියන 400 ගානේ ලැබිලා තියනවා. අපේ සම්පත් අපි කොහොමද වියදම් කරන්නේ කියන එක දැනගන්න ඕනේ. ඒ ශක්තිය අපිට හදලා දුන්නේ පී.බී. ජයසුන්දර මහතා. අපේ ව්‍යාපෘතිවලට සල්ලි ගන්න කොට අපි මේ ගැන කල්පනා කරනවා. පළාත් සභා ඉතිහාසයේ පළමුවරට රාජ්‍ය නිලධාරීන් සමඟ මුහුණට මුහුණ තියන සාකච්ඡාවක් අද තියෙන්නේ. ඒ කියන්නේ ''pre budgetary discussion''  කියන එක. අපි ලිබරල් ආර්ථික මතවාද සහ අද තියන වෙනස ගැන කතා කරනවා. පී.බී. ජයසුන්දර මහතා මේ සියල්ල වෙනුවෙන් අපිට දෙන විශාල ශක්තියට ස්තුතිවන්ත වෙනවා.

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, වයඹ පළාත් ආණ්ඩුකාර නීතීඥ තිස්ස බලල්ල, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන්, පළාත් සභා අමාත්‍යවරු, මන්ත්‍රීවරු, දිස්ත්‍රික් ලේකම්, අමාත්‍යංශ ලේකම්වරු, කාන්තා බලමණ්ඩල නායිකාවන්, කෘෂි ව්‍යවසායිකවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya