මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ජලය රැස්කර ගැනීමට භාජන ලබාදෙන්න

    අගෝස්තු 01, 2014

    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණ පා ඇති ජනතාවට ජලය රැස්කර ගැනීම සඳහා අවශ්‍ය භාජන ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. 


    දැනට මාස කිහිපයක සිට උතුරු මැද පළාත තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව දැඩි පානීය ජල හිඟයකට මුහුණදී සිටිති. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පානීය ජල හිඟයට මුහුණ පා ඇති ජනතාව සඳහා පානීය ජලය බෙදාහැරීම ජල බවුසර් මඟින් සිදුකීරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙම බවුසර් මඟින් පානීය ජල ගැටලුවට මුහුණපා සිටින ජනතාව සඳහා දැනටමත් ජලය ලබාදීම අඛණ්ඩව ම සිදු කරමින් පවතී. 


    නියඟය හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාව හා පානීය ජලය බෙදාහැරීමේ වැඩකටයුතු සොයාබැලීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි නියඟයට ලක්ව ඇති දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පැලෑටියාව, මිල්ලාන, බෝඅත්ත, කාන්දකාඩුව හා කුඩා පොකුණ ප‍්‍රදේශවල සංචාරයක ද නිරත විය. 

    බවුසර්වලින් පානීය ජලය ලබාදුන්න ද එම ජලය රැස්කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් ජල බඳුන්   නොමැතිකමින් බෙදාහරින ජලය රැස්කර ගැනීමේ ගැටලුවක් ඇති බව මෙහිදී ප‍්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත පවසන ලදී.  

    එබැවින්  නියඟයෙන්  පීඩාවට පත් ජනතාවට පානීය ජලය රැස්කර ගැනීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් භාජන එනම් ප්ලාස්ටික් ගැලුම්, ජල ටැංකි, විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල් වැනි ජලය රැස්කර තබාගත හැකි දෑ ලබාදීමට හැකි පරිත්‍යාගශිලීන් කඩිනමින් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එම ජල බඳුන් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පොලොන්නරුව දිසාපති කාර්යාලයේ 027-2222233 හෝ 027-2222235 යන දූරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya