මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි ජගතෙකු බිහිවී නෑ

    අගෝස්තු 01, 2014
    ලාහට ගෙම්බන් එකතු කරන්නා සේ අද විපක්‍ෂය පොදු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටියත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි ජගතෙකු ශ‍්‍රී ලංකාවේ තබා මිහිපිටවත් තවම බිහි වී නැතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ තඹුත්තේගම වෙහෙරගල පැවති ශ‍්‍රී.ලං.නි.ප. සංවිධාන කාන්තා වැඩමුළුවක් අමතමිනි.

     

    එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය. "විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීම සඳහා පසුගියදා සාකච්ඡාවක් පැවත්වුණා. එයට රනිල් වික‍්‍රමසිංහ, සරත් ෆොන්සේකා, සම්බන්ධන්, වික්ටර් අයිවන් යන මහත්වරුද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සහභාගි වී සිටියා. එකොළොස් වසරක් විධායක ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා මැතිණිය වික්ටර් අයිවන් මහතා අදහස් ප‍්‍රකාශ කරද්දි සාකච්ඡාවෙන් පිට වී ගියා. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහා සමඟියක් ඇතිකර ගැනීම එතනින්ම කඩා ගෙන වැටුණා. මෙවැනි අශුද්ධ සංවිධානවලට බලය ලබා දීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි" ද ඔහු කීය. 
     

    අනුන්ගේ අදහස් උදහස්වලට කන්දීමට නොහැකි විවේචන ඉවසිය නොහැකි දේශපාලඥයන්ට අනාගතයක් නැහැ. ලාහට ගෙම්බන් එකතු කරමින් සිටින විපක්‍ෂයට මේ කප පවතින තුරු පොදු අපේක්‍ෂකයෙකු ජනාධිපති තරගය සඳහා තෝරාගත නොහැකි වනු ඇත. යම් හෙයකින් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළත් ඔහු පරාජයට පත්කිරීම සඳහා ඔවුන් විසින්ම උපරිම බලය යොදවන බවද එයට හොඳම උදාහරණය පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ විපක්‍ෂය කටයුතු කිරීම බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා කීය. 


    විධායක ජනාධිපති පදවියට පත්වන කිසිවෙකුට විධායක ජනාධිපති පදවිය අහෝසි කළ නොහැකි බවත් විධායක ජනාධිපති පදවිය අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දෙන් පමණක් බවත් කීය.

     

    යුද්ධය අවසන් කර රටට සාමය උදාකර රට වේගවත් සංවර්ධනයකට යොමු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව සටන් පාඨ නොමැතිව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට හඬ නගන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය රටට දායාද කළ ජේ.ආර්.ගේ බෑණා වූ එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වීම ලොකුම විහිළුව බවද  අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya