මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ව්‍යවසායක වෙළෙඳපොළ හා ප‍්‍රදර්ශනය

    අගෝස්තු 01, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සම්බන්ධීකරණය සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය මාතර, නූපේ, පැරණි  ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථානයේ දී ඊයේ (31) පැවැත්විණ.


    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප‍්‍රවර්ධනය තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවීම හා ඒ හරහා ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් කාර්යාලයේ කළමනාකරු උපාලි හෙට්ටිආරච්චි මහතා පැවසීය.

     

    ආහාරපාන, ඇඟලුම් හා රෙදි ආශ‍්‍රිත නිෂ්පාදන, අත්යන්ත‍්‍ර පේෂකර්ම, පොල් හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදන, රබර් හා රබර් ආශ‍්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, කුළු බඩු, විද්‍යුත් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන, ධීවර හා මත්ස්‍ය නිෂ්පාදන, විසිතුරු මත්ස්‍යයින්, විසිතුරු පත‍්‍ර හා කැපූ මල් වර්ග, ඖෂධ හා ශාකසාර නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන, කාබනික නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා සෙල්ලම් බඩු, කඩදාසි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන සහ ඛනිජ ආශ‍්‍රිත නිෂ්පාදන ඇතුළු අංශ ගණනාවක් යටතේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ගැනුම්කරුවන්ට අවශ්‍ය නිෂ්පාදන තෝරා ගැනීමට සහ සැපයුම් කරුවන්ට ඇණවුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් නොමිලේ සැපයීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබිණි.

     

    මෙහි සමාරම්භක අවස්ථාව සඳහා මාතර දිස්ත‍්‍රික් ලේකම්තුමිය නියෝජනය කරමින් මාතර සහකාර ප‍්‍රාදේශීය ලේකම්තුමා ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු, දේශීය විදේශීය ගැනුම්කරුවන් හා ඇණවුම්කරුවන් මේ අවස්ථාව සඳහා එක් වී සිටියහ.

     

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව මෙය සංවිධානය කරන ලද අතර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් කාර්යාලය සම්බන්ධීකරණය හා අනුග‍්‍රහය දක්වන ලදි.


    DB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya