මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට වන හිරිහැර දැනුම්දීමට දුරකතන අංකයක්

    අගෝස්තු 01, 2014
    පෞද්ගලික බස් රථවල ගමන් කිරීමේදී මගී ජනයාට මුහුණපාන්නට සිදු වන විවිධ අපහසුතාවන් පිළිබඳ 081-2222229 ක්ෂණික දූරකතන අංකයට දැනුම්දීමට හැකි වන පරිදි එම දූරකතන අංකය හඳුන්වාදීම මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා කටයුතු යොදා ඇත. 


    ඉකුත් සතියේ පවත්වන ලද මාර්ග ආරක්ෂණ සතිය නිමිති කොට ගෙන මේ දූරකතන අංකය හඳුන්වා දී ඇත. මේ වැඩසටහනේ පළමු අදියර යටතේ දැනට දිවා කාලයේ දී ක්ෂණිකව මේ අංකය අමතා තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඉදිරියේදී මේ සේවය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතයි.

     

    මේ පිළිබඳ ව අදහස් දක්වන මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් එන්.එස්. සේනාධීර මහතා, මධ්‍යම පළාත තුළ වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. එළඹෙන ඇසළ පෙරහර සමයේදී පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් සිදු වන ඕනෑම පැමිණිල්ලක් මේ අංකය යටතේ ඉදිරිපත් කළ හැකි බව පැවසූ කොමසාරිස්වරයා මගීන් අපහසුතාවට ලක් කරන බස්රථ සේවකයන් වෙතොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

     

    මේ වැඩසටහන යටතේ ඉදිරියේදී තවත් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව පැවසූ ඔහු විනය ගරුක බස්රථ හිමියන් සහ සේවකයන් මේ වැඩසටහනට ප්‍රසාදය පළ කරන බව ද සඳහන් කළේය.

     

    පසුගිය වසරේදී පමණක් මධ්‍යම පළාත තුළ රිය අනතුරු නිසා පුද්ගල මරණ 239ක් වාර්තා වී ඇති බව පැවසූ ඒ මහතා මාර්ග අනතුරු අවම කර ගැනීම පිළිබඳව ද මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන  බව ද පැවසීය. මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකයක් පිහිටුවීම එම වැඩසටහනේ ආසන්නම සිදුවීම බව ද හෙතෙම සඳහන් කළේය.

     

    NDH/TA-dmu kandy

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya