මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී සීනි අවශ්‍යතාවෙන් 40%ක් දේශීය ව නිපදවීමේ ඉලක්කයක්

    අගෝස්තු 01, 2014

    2020 වන විට රටෙහි සීනි අවශ්‍යතාවෙන් 40%ක් දේශීය වශයෙන් නිපදවීම අරමුණු කර ගනිමින් කන්තලේ, හිඟුරාන, සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තායතනයන් පුනරුත්ථාපනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මත සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.


    යෝජනාවේ ඇතුළත් ඇතැම් වැදගත් අංගයන් කිහිපයක් වන්නේ ඉහත කර්මාන්තායතන හතර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා 100% රාජ්‍ය සමාගමක් වන සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම වෙත එහි හිමිකරු ප‍්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා කන්තලේ, හිඟුරාන, සෙවණගල හා පැල්වත්ත යන සීනි කර්මාන්තායතනවලට අයත් ඉඩම් හෙක්ටයාර 27,567ක් වසර 99ක් සඳහා බදු දීමයි. 


    චෙක් ජනරජයේ සහය ඇති ව කන්තලේ සීනි කර්මාන්තායතනය සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීමත් උක් වගා කිරීම සඳහා ඉඩම් කට්ටි, උක් මිල දී ගැනීම පිළිබඳ ව ගොවීන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් මඟින් ඔවුන් වෙත ලබාදීම. දැනටමත් උක් වගාවේ යෙදී සිටින හා අදාළ කර්මාන්තායතන පිහිටි දිස්ත‍්‍රික්ක තුළ වාසය කරන ගොවීන් හට ප‍්‍රමුඛතාව ලබා දෙන බවත් එහි ඇතුළත් වේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (31) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ සීනි කර්මාන්තායතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් පැමිණ තිබුණත් පෞද්ගලීකරණය කිරීමේ අදහසක් නොමැති බවයි.  

    රජය සතු දෙයක් නැති කර ගැනීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව පැවසූ අමාත්‍යවරයා වසර 06ක් ඇතුළත සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම ගැන සක්‍යතා වාර්තාවක් සකස් කරමින් පවතින බව ද සඳහන් කළේය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya