මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගලට නව පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදන යන්ත්‍රයක් හඳුන්වා දෙයි

    ජූලි 31, 2014
    පොල්වලින් නව අයිස්ක්‍රීම් නිෂ්පානය කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දී ඇති බව කුරුණෑගල පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු කමල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    කුරුණෑගල පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා මේ බව පැවසුවේ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක් වෙමිනි.
     
    පෞද්ගලික ආයතනයක් මගින් නිපදවා ඇති මෙම යන්ත්‍රය රුපියල් 95,000 වැනි මුදලකට මිලදී ගත හැකි බවත්, මෙම යන්ත්‍රයෙන් අයිස්ක්‍රීම් නිපදවීම දැනට පොල් වගා කිරීමේ මණ්ඩලයේ අලෙවිසැල්වල භාවිත කරන බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙම යන්ත්‍රයෙන් ස්වයංරැකියාවක් ලෙස අයිස්ක්‍රීම් නිපදවීමට කැමති අයෙක් ඉල්ලීම් කළ හොත් ලුණුවිල පොල් පර්යේෂණායතනයේ පුහුණුවක් ලබා දිය හැකි බවත් ප්‍රාදේශීය කළමනාකරු වැඩිදුරටත් එහිදී පැවසීය.
     
    ECB/AK_dmu_Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya