මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජලාශ ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමට 2014 මුල් කාර්තුවේ මිලියන 9671ක්

    ජූලි 31, 2014
    2014 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදී රජය රුපියල් මිලියන 9,671ක් නව ජලාශ ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම සඳහා වන වාරිමාර්ග යෝජනාක්‍රම සංවර්ධනය සඳහා වැය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
     
    එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 11%ක වර්ධනයකි. දැනටමත් ක්‍රියාත්මක මොරගහකන්ද සහ කළුතර වැනි අන්තර් පළාත් හා බහුකාර්ය ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 4,584ක් පළමු මාස 04 තුළ වැය කර තිබේ.
     
    මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ වාරිමාර්ග ජල යෝජනා ක්‍රම සඳහා රුපියල් මිලියන 3,702ක් ද මහවැලි වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, වැලිඔය, මාදුරුඔය සහ රිදීමාලියද්ද දක්වා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 144ක් ද ආයෝජනය කර ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya