මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය සංචාරක ස්ථාන මාර්ගෝපදේශන අත්පොත එළිදැක්වීම අද

    ජූලි 31, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් නුවරඑළිය මහනගර සභාවේ අධීක්ෂණ යටතේ ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් නුවරඑළිය සංචාරක ස්ථාන පිළිබඳව සැකසුණු  මාර්ගෝපදේශන අත්පොතක් අද (31) නුවරඑළිය මහ නගර සභාවේදී එළිදැක්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් සමාගම මුල්‍ය දායකත්වය සපයයි. ඒ සඳහා රුපියල් මිලියන 04කට ආසන්න මුදලක් වැය කොට තිබේ.

    මේ වන විට නුවරඑළියේ සුවිශේෂි ස්ථාන පිළිබඳව ක්‍රමවත් තොරතුරු එකතුවක් නොමැති අතර සංචාරකයන් වෙත එවැනි තොරතුරු එකතුවක් ලබාදීම ගැටලුවක් ව පැවතිණි. ඒ අනුව පළමු වරට නුවරඑළියේ භූගෝලීය සහ පාරිසරික සංචාරක කලාප පිළිබඳව දැනුවත් කෙරෙන මෙම කුඩා අත්පොත නුවරඑළියට පැමිණෙන සංචාරකයන් වෙත බෙදා දීම නොමිලේ සිදු කරනු ලබයි.

    විශේෂයෙන් ම නුවරඑළියට පමණක් ආවේණික ජෛව විවිධත්වයන් සහ පාරිසරික සංචාරක කලාප පිළිබඳව කෙටි විවරණ සහිතව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් මෙමඟින් සැකසෙන අතර මාසිකව එවැනි අත්පොත් 10000ක ප්‍රමාණයක් සංචාරකයන් වෙත බෙදා දීමට යෝජිතය. ඉදිරියටත් එවැනිම වූ නුවරඑළිය පිළිබඳව දැනුවත් කෙරෙන ඩිජිටල් දැන්වීම් පුවරු රැසක් ද හඳුන්වා දීමට ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් ආයතනය එකඟතාව පළකොට තිබේ.

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි සහ ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya