මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර පුරන් කුඹුරු අක්කර 2000ක් මහකන්නයේ දී අස්වද්දයි

    අගෝස්තු 01, 2014

    පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ මෙවර මහ කන්නය තුළ අවම වශයෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 2000ක් නැවත වගාකිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ.


    මේ සඳහා රුපියල් මිලියන 96ක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් දැනටමත් ලබාදී ඇත. මීට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික කෘෂි සංවර්ධන වැඩසටහන ද මේ සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන, බීජ ඇතුළු අනිකුත් අවශ්‍යතා සපුරාලනු  ලබයි.


    ඇළ මාර්ග ශුද්ධ කිරීම, අමුණු සකස් කිරීම, කෘෂි පාරවල් සෑදීම යන සුළුවාරිමාර්ග ප‍්‍රතිසංස්කරණ තුළින් පමණක් මෙම කුඹුරු අක්කර 2000ක ඉලක්කය ළඟා කර ගත හැකි බව ගොවිජන සංවර්ධන නිලධාරීහු පෙන්වා දෙති.


    මෙම පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු හා ඉංජිනේරු  සහකාරවරුන් තිදෙනෙකු ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් කළුතර දිස්ත‍්‍රික්කයට අනුයුක්ත කරනු ලැබ ඇත. වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ඇස්තමේන්තු සකස් කිරීම කඩිනමින් කර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.


    කළුතර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 6000ක් පවතින අතර නිසි ලෙස සුළු හා මහා පරිමාණ වාරිමාර්ග නඩත්තු කිරීම මගින් පුරන් කුඹුරු තවත් විශාල ප‍්‍රමාණයක් අස්වැද්දවීමේ හැකියාව පවතින බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ශාන්ත බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී හෙළි විය.


    HC/WMS_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya