මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුලෝහිතපුර, පුනස්ථාපන නිවාස ව්‍යපෘතියේ 6 වන අදියර විවෘත කෙරේ

    අගෝස්තු 01, 2014
    රුපියල් මිලියන 80කට අධික වියදමින් ඉදි කළ මරදාන, පුංචි බොරැල්ල, සුලෝහිතපුර, ජන සෙවණ පුනස්ථාපන නිවාස ව්‍යපෘතියේ 6 වන අදියර ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01)  පස්වරු 3.00ට විවෘත කිරීමට නියමිතය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ජන සෙවණ” නිවාස  හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව සුලෝහිතපුර  පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ. නිවාස 16 කින් සමන්විත මෙම මහල් නිවාස ව්‍යාපෘතිය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇත. මෙහි එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 51 පමණ වේ.
     
    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්වරු ප්‍රාදේශීය මහජන නියෝජිතවරු සහ ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya