මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටියන්තොට දුෂ්කර මාර්ග සංවර්ධනය කෙරේ

    ජූලි 31, 2014
    යටියන්තොට මැතිවරණ කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මාන කිහිපයක සහ පාසැල් කිහිපයක මාර්ග සංවර්ධනයට සබරගමු පළාත් සභාව පියවර ගනී.
     
    මේ යටතේ යටියන්තොට විද්‍යාලෝක මහා විද්‍යාලය සහ යටියන්තොට ඉන්ඔය දමිළ විද්‍යාලයට පරිගණක පහසුකම් ලබාදීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදු විය.
     
    පරිගණක ඇතුළු සෙසු අධ්‍යාපනික පහසුකම් ලබාදීමේදී ගම සහ නගරය අතර මෙන්ම සිංහල හෝ දමිළ යැයි වාර්ගික බේදයකින් තොරව අදාළ සම්පත් ලබාදෙන්නැයි සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ නියමයෙන් මෙකී පාසැල් දෙකට ලබාදුන් පරිගනක සඳහා පළාත් සභාව වැය කර ඇති මුදල රුපියල් දස ලක්ෂයකි.
     
    මීට අමතරව කිතුල්ගල - පන්සල පාර සහ කිතුල්ගල - වැලිතුඩයාය යන ග්‍රාමීය දුෂ්කර මාර්ග සංවර්ධනය කිරීමේ සමාරම්භය ද එදිනම කනක හේරත් මහතා අතින් සිදුවිය.
     
    මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙළට පළාත් සභාව වැය කරන මුදල රුපියල් විසි ලක්ෂයකි. 
     
    මෙම අවස්ථාවන්ට යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ඩී. වසන්ත, පළාත් කෘෂිකර්ම ඉඩම්, සත්ව හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රජිතා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya