අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රකිමු වකුගඩු පණසේ සුවය දිවිමග එවිට සැලසේ' පුත්තලම දිස්ත්‍රික් වකුගඩු නිවාරණ වැඩසටහන.

    මාර්තු 22, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන මූලික කරගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී (20) දින වකුගඩු නිවාරණ වැඩසටහන පැවැත්විණි.

    ඒ අනුව වකුගඩු රෝගීන්ගේ පානීය ජල ගැටලුවට කඩිනම් පියවරක් ලෙස ජල පෙරණ 30ක් ලබා දෙන ලදි. ජාතික වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාප්තිය සිදු වේ.
    මෙම අවස්ථාවට ජාතික වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂක වික්ටර් ඇන්ටනී පෙරේරා මහතා, වකුගඩු නිවාරණ ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ස්ටීෆන් ෆොන්සේකා මහතා, ජනාධිපති කාර්‍යාලයේ පරිසර වැඩසටහන් ජාතික අධ්‍යක්ෂ දිල්හානි නෙරංජලා මහත්මිය, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක සුරංග හෙන්නායක මහතා යනාදීන් සම්බන්ධ වූහ.

    මීට අමතරව සතිය පුරාවට ක්‍රියාත්මකවන ජාතික වැඩසටහන මූලික කර ගනිමින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි වැඩසටහන් 5 ක් සිදු කරන බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසීය.

    පරිසර සංරක්ෂණ වැඩසටහන, වැඩිහිටි සහ ආබාධ සහිත ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, තිරසර පාසල් ජාතික වැඩසටහන එම වැඩසටහන් වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya