අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්පිටිය මුුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

    මාර්තු 22, 2019

    කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත් අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලාංකාවේ මුහුදු තීරය වර්තමානයේ මුහුණදී තිබෙන බරපතළ පාරිසරික ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කඩොලාන විනාශ කිරීමේ ගැටලුවට කල්පිටිය මුහුදු තීරය ද මුහුණ දී සිටියි. දිවයිනේ සංචාරක කලාපයන් අතර ආකර්ශණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වන කල්පිටිය ප්‍රදේශය විශේෂත්වයකි.

    මෙම කඩොලාන සිටිවීම සඳහා විදේශ සංචාරකයන් පිරිසක් එක්වීම ද තවත් විශේෂයකි.

     ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නාවික හමුදාවේ ද සහයෝගයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබේ .

    රජයේ විශේෂ අනුග්‍රහය මත ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩසටහනට අනුව කල්පිටිය සංචාරක විශේෂ කලාපයක් වන බැවින් එය සුන්දර මුහුදු තීරයක් බවට පත්කර ගැනීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

    මෙම සතිය පුරාවටම මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා සිදු වූ බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya