මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SIAL-France ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගීවූ නවක අපනයනකරුවන්ට ප්‍රතිලාභ රැසක්

    මාර්තු 24, 2019

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2017-2022 කාලපරිච්ජේදය තුලදී නව අපනයන කරුවන් 2000 බිහිකිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇත.

    වසර 2022 දී සමස්ත අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් ලබා ගැනීම සඳහා අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට දේශීය ව්‍යාපාර උනන්දු කරවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.එයට සමගාමීව නවක ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළදපල අත්දැකීම් ඇතුළු අවස්ථාවන් රැසක් උදා වී ඇත. ප්‍රංශයේ “SIAL” වෙළඳ ප්‍රදර්ශනය ඒ අතරින් වැදගත් ජාත්‍යන්තර වෙළඳ ප්‍ර‍දර්ශනයකි.

    2018 "SIAL" වෙළඳ ප්‍රදර්ශනය ප්‍රංශයේ පැරිස්හිදී 2018 ඹක්තෝම්බර් 21 සිට 25 දක්වා සාර්තකව පැවැත්විණි. සංවිධායකයන් විසින් පවසන ආකාරයට ආහාර කර්මාන්තයේ නියැලෙන ගෝලීය ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තරඟකාරී වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස යුරෝ මිලියන ගනනක ගනුදෙනු පහසුකම් මෙමගින් සපයා ඇත.මෙම ප්‍රදර්ශනය මගින් අපනයන කරුවන්ට ව්‍යාපාරික සම්බන්ධතා තර කර ගැනීමටත් යුරෝපා සංගම් කලාපයේ මෙන්ම අනෙකුත් ජාත්‍යයන්තර වෙළෙඳපොළ තුළ නව ව්‍යපාරික අවස්ථා සොයා ගැන්මටත් අවකාශය උදාවනු ඇත.

    2018 SIAL ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික සහභාගීත්වය තහවුරු කරමින් ප්‍ර‍ධාන ලාංකික සමාගම් දාහහතරක් සහභාගී වු අතර නවක අපනයනකරුවන් ලෙස මෙවර ප්‍රදර්ශනය සඳහා AW Seafood සහ WANASINGHE HOLDINGS (Pvt) Ltd යන ආයතනවලට තම නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදි.මෙම සමාගම් ප්‍රංශයේ (SIAL) ප්‍රදර්ශනයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට සමත් වූ අතර තම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් සොයා ගැනීමටද සමත් වූ බවද සඳහන් කළ යුතුය. මේ සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි.

    WANASINGHE HOLDINGS (Pvt) Ltd ආයතනයේ ලක්ෂිත මහතා පවසන ආකාරයට මෙය ඉතාමත්ම සාර්ථක ආහාර සඳහා වෙළඳ ප්‍රදර්ශනයක් වන අතර එයට සහභාගී වීම තුලින් යු‍රෝපයේ මෙන්ම අනෙකුත් රටවලින්ද නව ගැනුම්කරුවන් සොයාගැනීමේ හැකියාව පවතී. ලෝකයේ බොහෝ ව්‍යාපාරිකයන්ට මෙම ප්‍රදර්ශනය මහගු අවස්තාවක් වන බවත් ප්‍ර‍දර්ශනය තුලින් තම ආයතනයට යුරෝපයේ මෙන්ම අනෙක් රටවල ගැනුම්කරුවන් සොයාගැන්මට හැකිවූ බවද සඳහන් කරන ලදි. ඒ අනුව ස්ලෝවැකියාව, මාලදිවයින, නවසීලන්තය වැනි රටවලට අපනයනය කිරීමේ අවස්ථාව මේ වනවිට උදාවී ඇති බවද සදහන් කරන ලදි.ප්‍ර‍දර්ශනයෙන් පසු ස්ලෝවැකියාව ට සාම්පල් ඇණවුමක් යවා ඇති බවත් පෝලන්තය වෙතද අපනයන ඇනවුමක් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    එලෙසම AW Seafood ආයතනයේ වීරරත්න මහතා මෙම ප්‍රදර්ශනය පිළිබඳ දරන අදහස වන්නේ මේ තුලින් ජාත්‍යන්තර වෙළඳපල අවස්ථාවන් පිළිබඳ අධ්‍යයනයට ඉඩකඩ ලැබුණ බවයි. ලංකාවේ වෙළද පලට පමණක් සීමා වී තිබූ තමාගේ නිෂ්පාදනයන් ජාත්‍යන්තර වෙළඳ පලට ගෙනයෑමට මෙම ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් වූ බවද සඳහන් කරන ලදි. නව අපනයන කරුවන් 2000 බිහිකිරීමේ ජාතික වැඩසටහන තුලින් මෙමඅවස්ථාව උදාවූ බවත් ඉදිරියේදී චීනය ට පොකිරිස්සන් අපනයනය කිරීමේ අවස්තාව AW Seafood ආයතනයට උදාවී තිබෙන බවත් එම විදේශීය ගැනුම්කරුවන් පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ තමා සමඟ වැඩිදුර සාකච්ජා කළ බවත් නුදුරේදී විවෘත වන කලමැටිය ධීවර වරාය ඒ සදහා උපකාරීවන බවද වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන්  කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya