මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස ජනතා අයිතියට

    ජූලි 21, 2014
    රුපියල් මිලියන 18ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස 1 හා 11 අදියර ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් ඊයේ (20) ජනතා අයිතියට පැවරිණි.
     
    දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස 1 අදියර 1999 වර්ෂයේ දී ආරම්භ කර ඇත. ගොඩනැගිලි 3කින් සමන්විත මෙහි නිවාස 48ක් පිහිටා ඇත. මෙම නිවාස සංකීර්ණය මෙලෙස පුළුල් ප්‍රතිසංස්කරණයට ලක්වූයේ වසර 15කට පසුව වීම විශේෂත්වයකි.
     
    එමෙන්ම දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස 11 අදියර 2005 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර එම මහල් නිවාස සංකීර්ණය නිවාස 48කින් සමන්විත වේ.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම මහල් නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියාව, මළ නාලිකා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රවේශ මාර්ගය සැකසීම, බුදු මැඳුර අලුත්වැඩියා කිරීම, ප්‍රජා ශාලාව නවීකරණය කිරීම, ප්‍රතිසංස්කරණයෙන් පසු ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මහල් නිවාස සංකීර්ණයේ සිදුකොට තිබේ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජනසෙවණ “නගමු පුරවර” මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "අද ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම කියනවා ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැති නිසා ඔවුන් රටවල් 3ක ඉඳලා ඔවුන්ගේ පරීක්ෂණය කරනවලු. ඒ කියන්නේ ඔවුන් රටවල් 3ක ඉඳන් කඳවුරු බැඳගෙන මෙහෙයුමක් හදනවා. අපේ හමුදාවේ කොයි මට්ටමක හෝ කෙනෙක්ව සල්ලි දීලා ඔවුන්ට ගන්නත් පුළුවන්. අරගෙන සල්ලිවල බලයෙන් ඔහු ලවා බොරු කියවන්නත් පුළුවන්. එහෙම කියවලා යුධ අපරාධ සිදුවුණා කියන මේ බොරුව ඇත්ත කරලා පෙන්වන්නත් පුළුවන්. ලෝකේ එහෙම වෙලා තියෙනවා". 
     
    ජාත්‍යන්තර  හතුරු වටලෑමට මුහුණදෙමින් එය ජයගැනීම සඳහා වන ජන සමඟිය, ජන එකමුතුව ඇතිකර ගනිමින් අපි ඉදිරියට යා යුතු යැයි ද ඒ සඳහා පටු දේශපාලන වාද භේද ඉවත්කර දැමිය යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    රටක විරුද්ධ පක්ෂයකට පුළුවන් ධනාත්මක විවේචන කරන්න. විරුද්ධ පක්ෂයකට පුළුවන් බොහොම උපායමාර්ගික දැක්මක් ඔවුන්ට තියෙනවා කියලා පෙන්වන්න. ඒත් අද මොකක්ද විරුද්ධ පක්ෂයට තියෙන උපාය මාර්ගික දැක්ම. සමාජයේ සෑම මොහොතකම අවිනිශ්චිතභාවය අවශ්‍යයි. ඒ අවිනිශ්චිතභාවය හදන්න දෙයක් නැත්නම් හේතුවක් හදලා හරි ඒ අවිනිශ්චිතභාවය නිර්මාණය කළ යුතුයි.
     
    අපි කැමති වුණත් නැතත් ලෝකයේ සිදුවන යම් යම් සංවර්ධන ව්‍යාපාර නිසා අතීතයේ තිබුණු අගයෙන්ම අද භූගත ජලයේ Ph අගය නැහැ. ඒ නිසා ඕනැම කර්මාන්ත ශාලාවක් වහන්න භූගත ජලයේ ph අගය පෙන්වන්න පුළුවන්. ඒක ක්‍රමයක්  හැටියට ආවා. දැන් හැම පැත්තකම සිටින අන්තවාදී කණ්ඩායම් ජනකොටස් අතර අසමඟිය අවුළුවන්න හදනවා.  ඒ නිසා සාමයෙන් පසු ඉතා අපහසුවෙන් වුණත් මේ රට සාර්ථකව ඉදිරියට යනවිට ඒ ගමන අස්ථාවර කිරීමට ඔවුන් බලනවා. ඒ නිසා අපි සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් ඒ තම තමන්ගේ කඳවුරුවල ඉන්න අන්තවාදී කල්ලිවල වුවමනාවන්ට ඉඩදෙන්නේ නැතිව මේ දිනාගත් සාමය අප සියලු දෙනා එක්වී ආරක්ෂා කරගත යුතුයි.
     
    එක ගින්නක් අමාරුවෙන් නිවපු මේ රටේ අපිට ආයිත් තව ගිනි වුවමනා නැහැ යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ යන මහත්වරු, නිලධාරීන් හා ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP ww aramaya place
     
     
    MP ww aramaya place 1
     
    MP ww aramaya place 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya