මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ ප්‍රමිතියෙන් තොර දඟර කම්බි රාජසන්තක කෙරේ

    ජූලි 22, 2014
    ශ්‍රී ලංකා ප්‍රමිති (S.L.S.) ලාංඡනය නොමැති දඟර වානේ කම්බි අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් යකඩ බඩු වෙළෙඳ ආයතනයකට‍ බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය රුපියල් 30,000/- ක දඩ මුදලක් ඊයේ (21) නියම කොට අදාළ දඟර වානේ කම්බි තොගය රාජසන්තක කරන ලෙස නියම කළාය.
     
    අදාළ දඟර වානේ කම්බි අලෙවිකිරීම සම්බන්ධව රුපියල් 10,000/-ක දඩ මුදලක් හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව රුපියල් 20,000/-ක් ද වශයෙන් මෙම දඩ මුදල නියම කෙරිණි.
     
    මෙහිදී රුපියල් 231,000/-ක් පමණ වටිනාකමකින් යුක්ත වූ මිලිමීටර් 10 දඟර වානේ කම්බි 607ක්, මිලිමීටර් 08 කමීබි 272ක්, මිලිමීටර් 12 කම්බි 100ක් ද රාජසන්තක කරන ලදි.
     
    මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ.ජී. දයා සමරකෝන්, විමර්ශන නිලධාරීන් වන ඒ.එන්.කේ. රත්නායක, පී.එස්.එම්. අබේසිංහ, ඩී.එන්.අයි. ප්‍රියලාල් යන නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබිණි. 
     
    DB/BH - dmu badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya