මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැදට කෝටි 28ක වියදමින් ජල පවිත්‍රාගාර 100ක්

    ජූලි 22, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගයට කඩිනම් පිළියම් යෙදීම සඳහා රුපියල් විසිඅටකෝටියක වියදමෙන් ජල පවිත‍්‍රාගාර සියයක් ඉදිකෙරේ.  

    උතුරු මැද වකුගඩු රෝගයට පිළියම් යෙදීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ නියමය මත පවුල් තුන්සිය පනහකට සෙත සලසන එක් ජල පවිත‍්‍රාගාරයක් සඳහා රුපියල් විසි අට ලක්‍ෂයක් වැය කෙරේ.

     
    පසුගිය දා (21) අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රුපියල් එක් කෝටි හැට අට ලක්‍ෂයක වියදමෙන් තන්තිරිමලේ මැදවච්චි එළිය කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පොතාන, පළුගස්වැව හා මැදවච්චියේ ජල පවිත‍්‍රාගාර හයක් ඉදිකිරීම සඳහා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉදි කිරීම් කටයුතු ඇරඹිණ.


    මෙම වැඩපිළිවෙළ යටතේ පදවිය කෝන්කැටියාවේ ඉදි වු පළමු ජල පවිත‍්‍රාගාරය පසුගිය දා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතින් විවෘත කෙරිණි.
     

    වකුගඩු රෝගය බහුලව පවතින ඉහත ප‍්‍රදේශවල තෝරාගත් ළිඳක් සෞඛ්‍ය හා ජල සම්පත් මංඩලය විසින් පරීක්‍ෂණ පවත්වනු ලැබීමෙන් පසු ව එම ළිඳෙන් ලබා ගන්නා ජලය ජපන් හා කොරියා තාක්‍ෂණය ඔස්සේ ජලයේ පවතින වකුගඩු රෝගයට හේතුවන අපද්‍රව්‍ය දහනය කිරීමෙන් පසු ජනතාවට පානය කිරීම සඳහා ලබා දේ.


    තන්තිරිමලයේ මැදවච්චිය එළිය ගම්මානයේ ජල පවිත‍්‍රාගාරය ඉදිකිරීමේ කටයුතු අරඹමින් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා සිටියේ උතුරු මැද පළාතේ ජනතාව වකුගඩු රෝගයෙන් බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් අමාත්‍යාංශ දහතුනක් ඒකාබද්ධ කරමින් වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායක් පිහිටුවනු ලැබ ඇති බවයි. පවුල් තුන්සිය පනහකට (350) පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ජිනසේන සමාගමේ දායකත්වයෙන් රුපියල් විසි අට ලක්‍ෂයක වියදමෙන් ජල පවිත‍්‍රාගාරයක් ඉදිකරන බවත් 21 දා  එවැනි ජල පවිත‍්‍රාගාර හයක ඉදි කිරීම් කටයුතු අරඹන බවත් උතුරු මැද පළාතේ මෙවැනි ජල පවිත‍්‍රාගාර සියයක් ඉතා කඩිනමින් ඉදිකරන බවත් කීය. පසුගිය දා පදවිය කෝංකැටියාව ගම්මානයේ මෙවැනි ජල පවිත‍්‍රාගාරයක් විවෘත කළ බවද අමාත්‍යවරයා කීය.
     

    මෙම අවස්ථාවට තන්තිරිමලය රාජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේද උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය උතුරු මැද වකුගඩු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසංග රණසිංහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහත්වරුද සහභාගි වූහ.
     

    HC

    ඡායාරූපය: ජල පවිත‍්‍රාගාරයේ ඉදි කිරීම් කටයුතු අමාත්‍යවරුන් විසින් අරඹන අයුරු

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya