මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම ආණ්ඩුවෙන් පහසුකම් දෙනකන් බලාගෙන ඉන්නේ නෑ

    ජූලි 22, 2014

    අපි අද මිලියන 3000ක් සංවර්ධන වැඩ කටයුතුවලට යොදවනවා. වෙනදා වගේ  මධ්‍යම ආණ්ඩුවෙන් පහසුකම් දෙනකන් බලාගෙන ඉන්නේ නෑ. අපි කතා කරලා ඒ ටික ලබා ගන්නවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ  දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (21) වයඹ පළාත් සභාවේදී පැවති අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 39 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
    එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අවුරුදු ගාණක් අපට අඩුපාඩුවක්ව තිබුණු අධ්‍යාපන පරිපාලනයේ තිබුණු පුරප්පාඩු ටික

    අද සම්පූර්ණ වෙනවා. 2013 තිබුණු විභාග පාස් කරලා තමයි මේ නිලධාරීන්  අධ්‍යාපන පරිපාලන ක්‍ෂේත්‍රයට පත්වෙන්නේ. වයඹ පළාතේ පාසල්වලදරු දැරියෝ 498 000ක් ඉන්නවා. සියලු ම දේට කලින් අපි යටිතල පහසුකම් ටික සංවර්ධනය කරගන්න ඕනේ. කිලෝ මීටර ගණන් ඇවිදපු,

    කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු අය මෙතන ඉන්නවා. ලොකු කාර්ය භාරයක් තියනවා දරුවෝ වෙනුවෙන් ඉටු කරන්න. මම මුලින්ම වයඹ ප්‍රධානඅමාත්‍යවරයා වුණාට පස්සේ කළේ පොල් අතු වසා තිබුණු පාසල් 46ක් සංවර්ධනය කරන එක. ඒ වගේම පාසල් 196ක් තිබුණා. ජල පහසුකම්

    නැති.  ඒ ප්‍රශ්න විසඳන්න විවිධ උපක්‍රම යෙදුවට ඒවා ගොඩක් බරපතළ ප්‍රශ්න. මම මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒ ප්‍රශ්න ටික විසඳනවා.ජනාධිපතිතුමා පාසල් සංවර්ධන වැඩකටයුතුවලට විශාල සහයෝගයක් දෙනවා.  එතුමා දරුවන් වෙනුවෙන් කරන වැඩවලට මුල් තැන දෙනවා.

    වෙනදා වගේ  මධ්‍යම ආණ්ඩුවෙන් පහසුකම් දෙනකන් බලාගෙන ඉන්නේ නෑ. අපි කතා කරලා ඒ ටික ගන්නවා. තමුන්නාන්සේලා තමයි මමඅධ්‍යාපන අමාත්‍යවරයා වශයෙනුත්  පත්වුණාට පස්සේ  පරිපාලන සේවයේ පත්වීම් ලබන පළමුවෙනි කණ්ඩායම. තමුන්ගේ බලය පාවිච්චි කරලා

    පාසල් පද්ධතිය හදන්න. තමුන්නාන්සේලාගේ ගරුත්වය තියා ගන්න.වයඹ පළාත අධ්‍යාපනයෙන් ප්‍රාථමික අධ්‍යාපනය, සාමාන්‍ය පෙළ, උසස්පෙළ හැම මට්ටමකින් ම ඉහළට ගේන්න අපි කටයුතු කරනවා. ඔබලාටහොඳ වැඩ කොටසක් කරන්න පුළුවන්. වයඹ අධ්‍යාපනයෙන් 60 %ක් 70%ක් ඔබලාගේ කරපිට වැටෙනවා. ඒ වගකීම අරගෙන හොඳින් වැඩ කරන්න."  


    මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් පී.බී.එම්.සිරිසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්.තිලකරත්න, අධ්‍යාපන පරිපාලන පත්වීම්ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya