මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් කාන්තාවන් වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වීමට රූපලාවන්‍ය වැඩමුළුවක්

    ජූලි 22, 2014

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව වයඹ පළාත් කාන්තාවන් වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශය, වයඹ පළාත් මානව සම්පත් අධිකාරිය සහ ශ්‍රී ලංකා  රූපලාවන්‍ය හා කේශාලංකාර ශිල්පීන්ගේ සංගමය එක්ව එක්දින රූපලාවන්‍ය වැඩමුළුවක් මේ මස 27 වැනි ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව 4.30 දක්වා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මෙය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, වයඹ පළාත් සභා මන්ත්‍රිනී මංජුලා දිසානායක මහත්මියගේ සහභාගිත්වයෙන්, ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික සේනාධිපති මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරේ.

     

    නොමිලේ පැවැත්වෙන ‍‍ රූපලාවන්‍ය පාඨමාලාව සඳහා ශිෂ්‍යත්ව 200ක් පිරිනැමෙන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම මෙදින සිදු කෙරේ. ඊට අමතරව ස්වයං රැකියා සඳහා ශිෂ්‍යත්ව ලබාදීමද මෙදින සිදු කෙරේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya