මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් හා ඇග්බිස් - 2014" අද සිට

    ජූලි 22, 2014
    "ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් හා ඇග්බිස් - 2014" පරිපූර්ණ ජාන හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනය අද (22) හෙට (23) සහ අනිද්දා (24) දිනවලදී කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙවර ප්‍රදර්ශනය ආහාර කර්මාන්තයේ සමස්ත ක්‍රියාදාමය නිරූපණය කරමින් "ගොවිපළේ සිට මුළුතැන්ගේ දක්වා" යන තේමාවෙන් පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ එකම කෘෂිකාර්මික, ආහාරපාන හා ඇසුරුම් අවස්ථාව වශයෙන් එම ක්ෂේත්‍රවල සියලු ම සිල්ලර හා තොග වෙළෙඳ හවුල්කරුවෝ මේ සඳහා ආකර්ෂණය වන අතර සහභාගීවන සියලු දෙනා හට නව ව්‍යාපාර හා සබඳතා උත්පාදනය කර ගත හැකිය.
     
    මේ ප්‍රදර්ශනය කර්මාන්තයේ විශාලතම ගෝලීය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ඉන්දියාව හා චීනය ද අරමුණු කොට ඇත. එමෙන් ම එය ගිනිකොන දිග ආසියානු රටවල් බහුතරයක් ද ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වී ඇත.
     
    රටවල් 20ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන සමාගම් 300කට අධික ප්‍රමාණයක් නව නිෂ්පාදන හා සේවාවන් 1000කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya