මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට සිය අලෙවිසල් ජාලය ව්‍යාප්ත කිරීමට රුපියල් ලක්ෂ 267ක්

    ජූලි 21, 2014


    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට සිය අලෙවිසල් ජාලය ව්‍යාප්ත කිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 267ක මුදලක් ලැබී ඇති බව එහි සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.


    මෙම මුදල් යොදා ගෙන පේරාදෙණියේ ඇති ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ ප‍්‍රධාන අලෙවිසැලට අමතරව වැලිගම, ඉංගිරිය, කුරුණෑගල, මාතලේ සහ කුණ්ඩසාලේ යන ප‍්‍රදේශවල නව අලෙවිසැල් පහක් ඉදි කිරීමට පියවර ගෙන ඇත.සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ගොවි සතියට සමගාමීව වැලිගම සහ ඉංගිරිය අලෙවිසැල් දැනටමත් ඉදිවෙමින් පවතී. ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අතර මැදියන්ගෙන් තොරව අලෙවි කර ගැනීමට මේ නිසා හැකියාව ලැබෙනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළ කරයි.

    මෙම අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමෙන් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට ගොවි ප‍්‍රජාව පෙළඹවීම, ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදනවලට ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම, නාගරික පාරිභෝගිකයන්ට උසස් ප‍්‍රමිතියේ කෘෂි නිෂ්පාදන සැපයීම සහ සාම්ප‍්‍රදායික ආහාර නිෂ්පාදනය ප‍්‍රචලිත කිරීමට කටයුතු කිරීම, පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම සහ ග‍්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම ආදී අරමුණු රැසක් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

    ECB/dm_dmu_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya