මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කප්රුක ශ්‍රම සුරැකුම නමින් රක්ෂණයක්

    ජූලි 21, 2014


    ශ්‍රී ලංකාව තුළ පොල් වගාව ආශ්‍රිත රැකියාවල නියුතු වුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව කප්රුක ශ්‍රම සුරැකුම නමින් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වයි. තිලකරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවක් අමතමින්ය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම රක්ෂණ ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ පොල් ආශ්‍රිත රැකියාවල නියුතු වුවන්ගේ අවදානම අවම කිරීම, ඔවුන්ගේ ගරුත්වය සමාජ පිළිගැනීම හා වටිනාකම ඉහළ දැමීම, ආපදා අවස්ථාවකදී ආර්ථික ස්ථාවරයක් ලබා දීම, අදාළ පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය ඇති කිරීම හා වයස්ගත වු විට ස්ථීර ආදායම් තත්ත්වයක් ඇති කිරීමයි.

    අවදානම් සහිත හා නිශ්චිත සුරක්ෂිතතාවක් නොමැතිව පැවති පොල් ආශ්‍රිත රැකියා කණ්ඩායම් 36ක් පමණ තිබෙන බව පැවසු තිලකරත්න මහතා මෙම රක්ෂණ ක්‍රමයට දායක වීමට කැමති අය සඳහා ඉල්ලුම්පත්‍ර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලබාගත හැකි බවද පැවසීය.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya