මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා ශක්ති පදනමින් කඳුකරයේ සියලු ප්‍රදේශයන්ට පහසුකම්

    ජූලි 21, 2014

    කඳුකරයේ  ආරම්භ කර ඇති සියලු ම ව්‍යාපෘතින් හා  සියලු ම දැනුම ප්‍රජා ශක්ති පදනම හරහා කඳුකරයේ සියලු ම ප්‍රදේශයන් හට ලබා දීමට කටයුතු කරන බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ පැවසුවේ පසුගියදා වතුකරයේ පාසල් සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමිනි.

     

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, "මෙම පහසුකම් වතුකරයේ ජනතාවට ලබාදීමට  ප්‍රජා ශක්ති පදනම අපි ආරම්භ කළා. දැනට ප්‍රජා ශක්ති පදනම යටතේ ආයතන 44ක් ලංකාව පුරා පිහිටුවා තිබෙනවා. මේ පදනමෙන් 200කට අධික ප්‍රමාණයක් වතුකරයේ හා නොයෙකුත් ප්‍රදේශවල රැකියා නැති තරුණ තරුණියන් හට රැකියා ලබා දී තිබෙනවා. මෙම ප්‍රජා ශක්ති පදනම 2006 මාර්තු 13 වන දින මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික් ඔය වනරාජා වතු කරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ කළා. ඒ සමඟ ම ඌව පළාතේ පූනාගල වතුකරයේ ප්‍රජා ශක්ති ආයතනය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් ආරම්භ කළා. ඒත් සමඟ ම මධ්‍යම හා ඌව පළාත, සබරගමු හා දකුණු පළාත් හා ලංකාව පුරා අනිකුත් පළාත් හරහාත් මධ්‍යස්ථාන 35ක් ආරම්භ කළා. ඒ කරේ ඔබ වෙනුවෙන්ම යි. ඒ මගින් ඔබ සියලු ම දෙනාට හැකි සෑම අංශයෙන්ම උදව් කිරීම යි අපගේ බලාපොරොත්තුව. මෙම ප්‍රජා ශක්ති ආයතනවලට අවශ්‍ය පරිගණක හා අනිකුත් පහසුකම් ලබා දී තිබෙනවා. දැනටමත් ඒ ගැන ඔබලා දන්නවා ඇති. විවිධ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වන සියලු ම සැලසුම් ප්‍රජා ශක්ති ආයතන විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

    මෑතකදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරයකු වන සුබිනෙයි නන්දි මහතා ඇතුළු කණ්ඩායමක් ප්‍රජා ශක්ති පදනම නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහිදී ඒ මහතා ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම මේ වගේ ව්‍යාප්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

    ප්‍රජා ශක්ති පදනම මෙන්ම නව ශක්ති පදනමින් අපි අධ්‍යාපන අංශයෙන් මෙන්ම වතුකරයේ රැකියා වියුක්ත තරුණ තරුණියන් හට ස්වයං රැකියා කිරීමට අවශ්‍ය දැනුම ලබා දී තිබෙනවා. ඔවුනට අවශ්‍ය වෘත්තිය දැනුම ලබා දී තිබෙනවා. ඒ වගේම පොලී රහිත ණය මුදල් ලබා දී තිබෙනවා. අදියර 05ක් යටතේ දැනට අපි මේ ණය මුදල් ලබා දී තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, නුවර, ගාල්ල හා කෑගල්ල යන ප්‍රදේශයන් හි පිහිටා ඇති ප්‍රජා ශක්ති ආයතන මගින් මේ ණය මුදල් ලබා දෙනවා. ඒ වගේම නව ස්වයං රැකියා ආරම්භ කරන අයට අපි පසුගිය අවුරුදුවල අදියර කිහිපයකින් අද දක්වා එළු පැටව්, එළදෙන්නු, කිකිළි පැටවු ඇතුළු සතුන් ලබා දී තිබෙනවා. ඔවුන් අද හොඳින් තමන්ගේ ස්වයං රැකියා කරමින් කාටවත් අතනොපා තනිව නැගි සිටින බවද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya