මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සම්මන්ත්‍රණයක්

    ජූලි 21, 2014

    ජාතික සංවර්ධනයට මාධ්‍යවේදීන්ගේ දායකත්වය යන මැයෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගිය 19 වෙනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන දිස්ති‍්‍රක් මට්ටමින් වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.

     

    ජනමාධ්‍ය හා මාධ්‍ය සදාචාරය, සන්නිවේදනය හා භාෂා භාවිතය සහ ජාතික සංවර්ධනයට මාධ්‍යවේදීන්ගේ දායකත්වය යන මාතෘකා මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

     

    ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය සම්මානිත සුනන්ද මහේන්ද්‍ර මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වාමිනාදන් විමල්, තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ එස්. තිලෙයිනාදන් මහතා, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා යාපනය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ සිසුසිසුවියන් රැසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

    MAP/SDF 

    Jaffna seminar2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya