මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතහේවාහැට ගොවීන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙයි

    ජූලි 21, 2014
    පාතහේවාහැට ගොවීන්ගේ කෘෂිකාර්මික වගා කටයුතු සංවර්ධනය කිරීම හා කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කර ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරි පියවර රැසක් කි‍්‍රයාවට නංවා ඇත.


    කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හරහා විවිධ ආකාරයේ කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇත. 2013 වසරේ ක‍්‍රියාත්මක වැඩසටහන් දිස්ත‍්‍රික්කය තුළ ගොවීන් සම්බන්ධ කොටගෙන කාබනික පොහොර මේටි‍්‍රක් ටොන් 8000ක් නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදාළ යෙදවුම් ලබා දුන් අතර 2014 වසරේ වී ආදර්ශන 400ක් සහ එළවළු ආදර්ශන 20ක් කාබනික පොහොර භාවිතය තුළින් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

     

    මහනුවර දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව තත්ත්වයෙන් උසස් බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගැනීමට විශාල උනන්දුවක් ඇති අතර කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය වන පේරාදෙණිය හා ගන්නෝරුවට පැමිණ උසස් තත්ත්වයේ බීජ වී ලබා ගැනීමට හැකියාව ඇත. කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් හා සම්බන්ධ වීමෙන් තත්ත්වයෙන් උසස් බීජ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ගැනීමටත් අවශ්‍ය දැනුම ලබාගැනීමටත් හැකියාව උදා වී ඇත. විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ අභියෝග හමුවේ ඇතැම් ගොවීන් දෙමුහුන් බීජ භාවිතය සඳහා යොමු වී ඇති අතර එය නූතන කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ වූ ප‍්‍රවණතාවකි. දේශීය වී ප‍්‍රභේද භාවිතය සඳහා රටේ විශාල නැඹුරුවක් සහ උනන්දුවක් ගොවිජනතාව තුළ ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය ද ඒ සඳහා අනුග‍්‍රහය දක්වා ඇත. 2013 වසරේ පාරම්පරික වී ප‍්‍රභේද බීජ කිලෝ ග‍්‍රෑම් 8000ක් පමණ දිස්ත‍්‍රික්කය තුළ ගොවීන්ට නොමිලේ ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කර ඇත.

     

    දිවයිනේ සාමාන්‍යයෙන් එළවළු මිල සැප්තැම්බර්, ඔක්තෝබර්, මාර්තු හා අපේ‍්‍රල් යන මාසවල පහත වැටෙන අතර ජූනි, ජූලි හා නොවැම්බර්, දෙසැම්බර් මාසවල ඉතා ඉහළ යයි. ඉහළ මිල ඇති කාලවල අස්වනු විකිණීම අරමුණු කරගත් නිෂ්පාදන වැඩසටහනකට යාමෙන් ඉතා ඉහළ ආදායමක් ලබාගත හැකි බැවින් වෙළෙඳපොළ මිල හා ඉල්ලුම ආදිය අධ්‍යයනය කරමින් වගා කිරීමට පෙළඹීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. 

     

    මෙම ප‍්‍රදේශය කාලගුණ විපර්යාසයන් සමඟ ජල සම්පාදන ගැටලුවලට නිරන්තරයෙන් ලක්වන ප‍්‍රදේශයකි. වන රක්ෂිත ආරක්ෂා කිරීමටත් ජලය භාවිතය සම්බන්ධව සිදුවන කටයුතු සහ නීත්‍යානුකූල නොවන ස්වරූපයන් පාලනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. භූගත ජලය හෝ වැසි ජලය වගාවන් සඳහා ඵලදායි ලෙස යොදා ගැනීම හා භූගත ජලය භාවිත කිරීමේ විභවය හා ක‍්‍රමවේද සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර ජල සම්පාදන ඒකකයේ සහය ලබා ගැනීමට හැකි බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.  ජල ගැටලුව සඳහා විකල්පයක් ලෙස වැසි ජල සංරක්ෂණය කොට භාවිතයට ගැනීම වඩා ඵලදායී බව ද එහිදී හඳුනා ගැනීමට හැකි වී තිබේ.

     

    ඒ අනුව කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා පාත හේවාහැට ප‍්‍රදේශයේ ගොවි ජනතාවට විශාල වශයෙන් පහසුකම් හා සහනදායී වැඩපිළිවෙළ රැසක් කි‍්‍රයාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya