මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබා තිබෙනවා

    ජූලි 21, 2014


    "වර්තමාන රජය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබා ඇති බව" අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ පසුගියදා දැරණියගල බස්නාගල මහා විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.


    එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා; “1977 වර්ෂයේ සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද වෙනස්කම් රාශියක් සිදු විය. ඒ යටතේ වරප්‍රසාද ලත් පංතියේ දෙමාපියන්ගේ දරුවන්ට සමාජයේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි වැනි රැකියා ක්ෂේත්‍රවලට යාමට හැකියාව ලැබිණි. එහි දී ග්‍රාමීය මට්ටමේ දරුවන් අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගවලින් අසමත්ව විශාල පිරිසකට අධ්‍යාපන නතර කිරීමට සිදුවිය. ඔවුන් සමාජයේ විවිධ දේශපාලන බලවේගවලට හසුව විවිධ සමාජ විරෝධි ක්‍රියාවලට යොමුවිය. මෙම ක්‍රමය තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන ක්‍රමය රටට ගැළපෙන ලෙස සකස් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් වූ ගණිතය අසමත් වන අයට පසුව වසර දෙකක පමණ කාලයක් තුළ ගණිතය විෂය සමත් වන තෙක් පාසල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය. දරුවන් එක් විෂයකින් අසමත් වුවත් සහජ දක්ෂතා තිබීමට පුළුවන් බව විද්‍යාඥයන් පවා සොයා ගෙන තිබේ. එම නිසා එක් විෂයක් අසමත්වීම හේතුවෙන් දරුවෙකුගේ අධ්‍යාපනය නතර කළ නොහැකිය.

    එදා නාගරික පාසල්වලට පමණක් සීමා වී තිබුණ මානව හා භෞතික සම්පත් ග්‍රාමීය පාසල්වලට ද ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් රට තුළ ඇති කිරීමට පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා  පැවසුවේ, දුෂ්කර මැතිවරණ කොට්ඨාසයක් වූ දැරණියගල මැතිවරණ කොට්ඨාසය අද සංවර්ධනය වෙමින් පවතිනවා. එහි විදුලි අවශ්‍යතාවෙන් සියයට සියයක් ම මේ වන විට ලබා දී තිබෙනවා. මංමාවත්, පාසල් සංවර්ධනය වී තිබේ. කවුරු කුමක් කතා කළත් පසුගිය වසර කිහිපය තුළ මෙවැනි සංවර්ධනයක් දැරණියගල දැක ගැනීමට නොහැකි විය. එම තත්ත්වය අද වෙනස් වී තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති වන්ත විය යුතුයි.


    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර විජේසූරිය යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

    මෙදින අධ්‍යාපන අමාත්‍යවරයා දැරණියගල සිරිසමන් ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද විවෘත කළ අතර දැරණියගල කදිරේෂන් විදුහලේ ද නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya