මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර, සුරකිමු මව්බිම" ගලිගමුවට

    ජූලි 21, 2014
    "රට රකින නිල් පවුර, සුරකිමු මව්බිම" යන තේමාව යටතේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (20)  ගලිගමුව මධ්‍ය මහා විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්විණි. 
     
    මෙහිදී ගලිගමුව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට උපහාර තිළිණ පිරිනැමීම ද සිදු විය.
     
    ගලිගමුව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ සියලු දෙනාටම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ප‍්‍රණාමය පුද කරන බවත් එමෙන්ම පක්ෂයේ සභාපති, අතිගරු ජනාධිපතිතුමා, ලේකම්තුමා, ජාතික සංවිධායකතුමා ඇතුළු සැමගේත් ආශිර්වාදය පිරිනමන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    "ගලිගමුව, ශී‍්‍ර ලාංකේය ඉතිහාසය තුළ වැදගත් දේශපාලඥයින් දැයට දායාද කර තිබෙනවා. නමුත්, ගලිගමුව ලකුණ ජාතික තලයට ඔසවා තබන්නේ රංජිත් සියඹලාපිටියගේ නායකත්වය යටතේයි. එජාප ආණ්ඩු කාලයේ ගලිගමුවේ ඔබ මරණ සහතිකය සාක්කුවේ දමාගෙන ඡන්ද කළ හැටි අපිට අමතක නැහැ. ප‍්‍රජාත‍න්ත‍්‍රවාදය උඩු යටිකුරු කළ, ලාම්පු කළගෙඩි සෙල්ලමේදී ගලිගමුවේ ඔබ එඩිතරව ක‍්‍රියා කළා. ලාම්පු කළගෙඩි ජන්දයේදී රටේ ප‍්‍රජාත‍න්ත‍්‍රවාදය, රැකගන්න සබරගමුවේ ඔබ කළ මෙහෙය අති ප‍්‍රශංසනීයයි" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර  මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    MP da galigamuwa 1
     
     
    MP da galigamuwa 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya