මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැද කොළඹ සිරිමාපුර මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

    ජූලි 21, 2014
    රුපියල් මිලියන 13ක වියදමින් වසර 43කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලද, මැද කොළඹ සිරිමාපුර මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ”, “නගමු පුරවර” මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. 1971 වසරේ ආරම්භ කරන ලද  නිවාස 80කින් සමන්විත සිරිමාපුර මහල් නිවාස සංකීර්ණය දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබිණ.  නිවාසවාසීන්ගේ ඉල්ලීම අනුව 2013 වසරේ එම නිවාස සංකීර්ණයේ පැවති ජංගම සේවයට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයා එහි වැසියන්ට පවතින නිවාස ගැටලු පිළිබඳ ව අවධානය යොමු කළේය. අනතුරුව 2014 වසරේ දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු  ආරම්භ කෙරිණ.
     
    ගොඩනැගිලි 5කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියා කිරීම, වැහිපීළි හා වඩිම්බු ලෑලි යෙදීම, පොදු වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම, මළ නාලිකා පද්ධතිය හා ජල බස්නා නල අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයට ප්‍රවේශ වන මාර්ග හා විවෘත භූමිය කාපට් කිරීම, කසල රැස්කිරීම සඳහා විධිමත් ස්ථානයක් සකස් කිරීම, නිවාසවලට පිවිසෙන තරප්පු පෙළ පුළුල් කිරීම, නිවාස සංකීර්ණය අසල ඇළ හරහා ඉදිකර තිබූ අබලන් පාලම ප්‍රතිසංස්කරණය කිරීම, නිවාස සංකීර්ණයේ බිත්ති ප්‍රතිසංස්කරණය කර වර්ණ ආලේප කිරීම,  නිවාස සංකීර්ණයේ අනතුරු සහිත ගස් කපා ඉවත් කර පරිසරය අලංකාරවත් ලෙස සැකසීම හා නිවාස සංකීර්ණය අසල පිහිටි ඇළ ඉවුරු විධිමත්ව අලංකාරවත්ව සැකසීම ආදී ප්‍රතිසංස්කරණ  රැසක් නිවාසවාසීන්ගේ ඉල්ලීම පරිදි සිදුකර තිබේ.
     
    විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. "අපරාදේ කියන්න බැහැ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු දරුවෝ ටික හොඳ ළමයි. ඔවුන් අධ්‍යාපන චාරිකා යනවා එහෙම ගිහින් ඉගෙන ගන්නවා. ඔවුන් හැම රාජ්‍ය ආයතනයකටම ගිහින් බලනවා කොහොමද මේවා මෙහෙම හරි අරගෙන යන්නේ කියලා. අපේ නායකතුමා නම් ඒ කාලේ කිව්වේ මේවා මෙහෙම ගෙනියන්න බැහැ මේවා විකුණා දමන්න ඕන. මේවා පෞද්ගලීකරණය කරන්න ඕන කියලා. ඒත් මේ කාලයේ මේවා හොඳට යනවා. ඒ නිසා ගිහින් බලන්න ඕනේ මේවා කොහොමද මෙහෙම යන්නේ කියලා. ඒක බලන්න තමයි ඔවුන් එන්නේ. එළියට කියන්නේ වෙන කතා. වුණාට ඇතුළේ තියෙන හැඟීම ඒක. අන්න ඒ කාරණාව ඉගෙන ගන්න තමයි අපේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දරුවෝ ටික රාජ්‍ය ආයතවනලට අධ්‍යාපන චාරිකා යන්නේ". අපේ දරුවෝ අධ්‍යාපන චාරිකා යනවා වගේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ළමයි ටික රාජ්‍යය ආයතන සඳහා අධ්‍යාපන චාරිකා යන බව මෙම අවස්ථාවේ දි විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
     
    මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සිරිමාපුර මහල් නිවාස සංකීර්ණයේ දරු දැරියන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ද සහභාගී විය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, කොළඹ නාගරික මන්ත්‍රී  මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, නිලධාරීහු හා ප්‍රදේශවාසීහු  ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP ww sirimapura
     
     
    MP ww sirimapura 2
     
    MP ww sirimapura 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya