මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිසාවේ සංවර්ධනයට රුපියල් කෝටි 265ක්

    ජූලි 21, 2014
    "දොරින් දොරට ගමින් ගමට" ආර්ථික සංවර්ධනය සඳහා වු ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් දස ලක්ෂ 2,657ක් ලබාදී තිබේ.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව - පරණගම, වැලිමඩ, මහියංගනය, පස්සර, බදුල්ල, හාලිඇළ, වියළුව යන මැතිවරණ කොට්ඨාස 9ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ග්‍රාමසේවා වසම් 567ක් තුළ මේ යටතේ  සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්කයේ පවුල් 239,463කට අයත් 811,758ක ජනයා මෙහි ප්‍රතිලාභීන් වේ. ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීලාභීන් සංඛ්‍යාව 59,273කි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මගින් ගම්මාන 1,991කට සෙත  සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා පැවසීය.
     
    මෙම සංවර්ධන වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශ‍ෂීන්ද්‍ර රාජපක්ෂ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ගේ මග පෙන්වීම යටතේය.
     
    මේ අනුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දස ලක්ෂ 54ක් ද, ගම නැගුම වැඩසටහන යටතේ දස ලක්ෂ 840ක් ද, වනජීවී සංරක්ෂණය සඳහා දස ලක්ෂ 70ක් ද, පුබුදුමු වෙල්ලස්ස වැඩසටහන් සඳහා දස ලක්ෂ 824ක් ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දස ලක්ෂ 175ක් ද විමධ්‍යගත අයවැයෙන් දස ලක්ෂ 40ක් ද ලැබී ඇත.
     
    මෙයට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහ‍න යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 10ක් දැනටමත් තනා නිමකර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු මෙම වසරේදී අරඹා මාස 06ක් ඇතුළත නිමාවට පත්කර ඇත.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya