මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරණ සතිපොළ සංවර්ධනයට රු.මි. 194

    ජූලි 20, 2014
    හොරණ සතිපොළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 194.656ක් ඇස්තමේන්තු කර ඇති අතර මින් රුපියල් මිලියන 50ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ද. ඉතිරි රුපියල් මිලියන 144.656ක මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කොට ඇත.
     
    වෙළෙඳ කුටි 400කින්, මහජන රථගාලකින් හා අපරව්‍යුහ පහසුකම් සමඟින් මෙම සතිපොළ සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත. මෙහි ගෘහ නිර්මාණාත්මක සැලසුම් හා ඇස්තමේන්තු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කොට ඇත. සතිපොළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද, නාවික හා ගුවන් හමුදාවන් විසින් සිදු කරනු ලැබේ.
     
    හොරණ නගරය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම අනුව මෙම හොරණ සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    මේ යටතේ බස් නැවතුම්පොළ සංවර්ධනය, වෙළෙඳපොළ නවීකරණය, සතිපොළ ඉදිකිරීම හා සොරණවත්ත ඉඩමෙහි ආයතන, විනෝද පහසුකම් සහ නිවාස සංවර්ධන ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya