මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ස්වයං රැකියා අත්වැල හා රැකියා පොළ විවෘත වේ

    ජූලි 20, 2014
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිවි නැගුම ස්වයං රැකියා අත්වැල සහ කොළඹ දිස්ත්‍රික් රැකියා පොළ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී පැවැත්විණි. 
     
    රැකියා පොළ සඳහා රජයේ හා පෞද්ගලික ආයතන 70ක් පමණ සහභාගී විණි. දිවි නැගුම වැඩසටහන යටතේ දියුණුවට පත් ස්වයං රැකියාලාභීන්ගේ වෙළෙඳ ප්‍රදර්ශනයක් සහ ස්වයං රැකියාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණි. 
     
    මේ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යන ආයතන සම්පත් දායකත්වය සැපයීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බසීර් සේගු ඩාවුඩ්, සුසිල් ප්‍රේමජයන්ත, ජීවන් කුමාරතුංග, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    DSC 0041
     
     
    DSC 0095
     
    DSC 0962

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya