මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරකැටිය නගර සංවර්ධනයට රු.මි. 143ක්

    ජූලි 20, 2014
    වීරකැටිය නගර සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 143ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 76ක වියදමින් මහජන පොළ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 67ක වියදමින් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිමටත් නියමිතය.
     
    මහජන පොළ රථවාහන නැවතීමේ පහසුකම් හා අවශ්‍ය යටිතල පහසුකම් සහිතව ප්‍රතිසංවර්ධනය කිරීමට යෝජිතය. ක්‍රීඩා පිටිය සුදුසු අපවහන පද්ධතියක් හා ප්‍රේක්ෂකාගාරයක් සහිතව ප්‍රතිසංවර්ධනය කෙරේ.
     
    මහජන පොළෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවත් එහි ලෝහ වැඩ හා වහලයේ ඉදිකිරීම් කටයුතු සමඟින් ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසිනුත් සිදු කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya