මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාව සහ ජල සේවා පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අගෝස්තුවේ දී

    ජූලි 20, 2014
    ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකාවේ ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල භාරය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය සමඟ එක්ව සංවිධානය කරනු ලබන "ප්‍රජාව සහ ජල සේවා" පිළිබඳ 3වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අගෝස්තු 22 සිට 24 දක්වා මහනුවර දී පැවැත්වේ.
     
    දින තුනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය "ප්‍රජා සංවර්ධනය සහ සෞභාග්‍ය උදෙසා ජලය" යන තේමාවෙන් පැවැත්වේ.
     
    මෙම වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයේ තේමාව වන ජලය සහ බලශක්තිය සනිටුහන් කිරීම සඳහා සහ පශ්චාත් - 2015 ස්ථිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා වන කතිකාවතට සහය සැලසීම හා 2013 වසරේ අගෝස්තු මාසයේ අනුරාධපුර නගරයේ දී පැවති ප්‍රජා සංවර්ධනය සඳහා ජල සහයෝගීතාව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ කටයුතු ඉදිරියට ගෙන යාම පිණිස මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.
     
    ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, නේපාලය, භූතානය සහ මාල දිවයින් යන කලාපය තුළ පිහිටි රටවල් රාශියක මෙම විෂය ආවරණය කරනු ලබන අමාත්‍යවරුන් මෙම සම්මන්ත්‍රණයට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya